තනි භාවිත සහ කෙටි කාලීන ප්ලාස්ටික් මාර්තු මස 21 වැනිදා සිට තහනම් කරමින් ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇත.පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉකුත් ජනවාරි 19 වැනිදා අස්සන් කරනු ලැබූ එම ගැසට් පත්‍රය මුද්‍රණය කර පිට කරනු ලබුවේ ඉකුත් සිකුරාදාය. ජාතික පාරිසරික පනතෙන් පරිසර අමාත්‍යවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව ප්ලාස්ටික් නියාමනයට අදාලව ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇති අතර අදාළ නියාමන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරනු ලබයි.
ප්ලාස්ටික් කුර සහිත කොට්න් බඩ් තහනම් කර ඇත. එහිදී වෛද්‍ය සායනික ප්‍රතිකාර සඳහා භාවිතා කරන ප්ලාස්ටික් කොට්න් බඩ් සඳහා එම නීතිය අදාල නොවේ. ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාලව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්යය කර ඇති අතර එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනා ගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිතා කරනු ලබන සංරක්ත ක්‍රමයක්ද මෙම ගැසට් පත්‍රය මගින් හඳුන්වාදී ඇති අතර ඒවා සඳහන් කිරීම අනිවාර්ය වනු ඇත.
ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පහසු කිරිම මගින් පරිසර දූෂණය අවම කිරීම එහි අරමුණ යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. එකී ගැසට් පත්‍රවල දක්වා ඇති කරුණු උල්ලංඝණය කළ අවස්තාවකදී ජාතකි පාරිසරික පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් හිමිවන බවද මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
-විනීතා එම්. ගමගේ-
0 Comments