2015ට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබූ වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා අද
අපේ රට ලෝකයේ සුපිරි බලවතුන්ගේ පොර පිටියක් වෙලා. චීනය අපේ රටට අනවශ්‍ය ආකාරයෙන්
සම්බන්ධකර ගත් නිසයි ඉන්දියාව අපේ රට සමඟ උරණ වුණේ. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ
(02දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල
පැවැසීය.
කිරිඇල්ල මහතා මෙසේද කීය.
මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ රාජ්‍ය නායකයා වෙන්න කලින් රටේ රාජ්‍ය නායකයන් 11 දෙනකු
හිටියා. මේ නායකයන් සියලු දෙනා අපේ රට ලෝකයේ ඉන්න සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුනොවී
තබාගන්නට කටයුතු කෙරුවා. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණාට පසු ශ්‍රී ලංකාව සීමාව
ඉක්මවා චීනයේ ග්‍රහණයට ලක් කෙරුවා. චීන ණය අරගෙන පෝට් සිටි වරායවල්, ගුවන් තොටුපොළවල්
ඉදිකෙරුවා. ශ්‍රී ලංකාව තුළ තිබූ චීන ආධිපත්‍ය ඉන්දියාවට ප්‍රශ්නයක් වුණා. පෙර සිටි එකම
නායකයකුවත් ඉන්දියාවේ ආරක්ෂාවට බලපෑම් ඇතිවෙන ආකාරයෙන් කටයුතු කළේ නෑ.
සුපිරි බලවතුන් සමඟම සමබර විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. නමුත් ඉන්දියාව සමඟ අනවශ්‍ය
ආකාරයෙන් ප්‍රශ්න ඇති කරගැනීමට හේතුව වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපේ රට චිනයේ
ප්‍රාන්තයක් වශයෙන් පරිවර්ථනය කළා. අසීමිත ණය අරගෙන ණය ගෙවා ගන්න බැරි වුණාම අපේ සම්පත්
සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුවෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෙර සිටි එකම රාජ්‍ය
නායකයකුවත් අපේ රට මේ ආකාරයෙන් අනතුරේ දැම්මේ නෑ. චීනය අනවශ්‍ය ආකාරයෙන් අපේ රටට
සම්බන්ධ කරගත්ත නිසයි ඉන්දියාව අපි සමඟ උරණ වුණේ. ඉන්දියාවේ ආරක්ෂාවට ලංකාවේ ආරක්ෂාව
වැදගත් කාරණයක්.
මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නායකයන්ට කිව්වා වරාය ඉන්දියාවට ලබාදෙන්නේ නෑ කියලා.
නමුත් ඉන්දියාව කියනවා 2019දී අස්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියලා. 2019දී ගිවිසුම්ගත
වුණේ 49% විකුණන්න නෙවේ. නැඟෙනහිර පර්යන්තයේ කළමනාකාරිත්වය කරන්න සමාගමක් හැදුවා.
අයිතිය ලබාදීමට නෙවේ කළමනාකාරිත්වය සඳහා පමණයි. ජපානය නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය
කරන්න දශම එකේ පොලිය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක් දෙන්න පොරොන්දු වුණා. පළමු අවුරුදු
12දී ශතයක්වත් ගෙවන්න ඕනේ නෑ. ඉන්දියාවේ දායකත්වය තමයි බිස්නස් වරායට එවනවා. එයයි
2019 ගිවිසුම.
අද ආණ්ඩුව පඹ ගාලක පැටලිලා. ආණ්ඩුව කටයුතු කරන ආකාරය හිතාගන්නවත් බෑ. නැඟෙනහිර පර්යන්තය
වෙනුවට බටහිර පර්යන්තය දෙන්න හැදුවත් ඒක භාරගනීද කියලා අපිට කියන්න බෑ. පසුගිය කාලයේ අපිට
විරුද්ධව සිටි දේශපාලන පක්ෂ, මාධ්‍ය අපි කළමනාකරණය සඳහා දෙන්න හදපු නැඟෙනහිර පර්යන්තය
විකුණුම්කරණයක් වශයෙන් සමාජගත කළා. විරුද්ධ දේශපාලන පක්ෂ මාධ්‍ය හරහා වැරදි තොරතුරු
ජනතාවට පෙන්නූ නිසා අද අපේ රට හා ආණ්ඩුව පඹ ගාලක පැටලිලා ඉන්නවා.
0 Comments