කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සියයට සියයක්ම වරාය අධිකාරිය සතුව තබාගෙන සංවර්ධනය කිරීමටත්, බටහිර ජැටිය ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශව හා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත් රජය තීරණය කර ඇත. ඒ සඳහා වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඊයේ (01) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ දිගටම පවතින අතර, බටහිර ජැටිය ඉන්දීය රජය හා ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්ව සහ වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස ස
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් සියයට 51ක් වරාය අධිකාරිය යටතේ තබාගෙන ඉතිරි සියයට 49 ඉන්දියානු සහ ජපාන සමාගම්වලට දී සංවර්ධනය කිරිම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියන් හා ජපානය සමග 2019 මැයි මස 28 වැනිදා ගිවිසුමක්ද අත්සන් කර තිබිණි. නැගෙනහිර ජැටිය වසර තුනක් තුළ අදියර තුනකින් සංවර්ධනය කර වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් සිදු කිරීමටද යෝජනාවී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සවස පැවැති කැබිනට් රැස්වීමේදී නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවී ඇත.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පසුගිය ආණ්ඩුව ව්‍යාපෘති 17ක් ඉන්දියාවට දීමට ගිවිසුම් අත්සන් කර ඇති බවත් අද ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් කරන ලද එවැනි කටයුතුවලට බවත් පවසා ඇත. නැගෙනහිර ජැටිය සම්බන්ධ ගිවිසුම්ද පසුගිය ආණ්ඩුව විසින් අත්සන් කරන ලද්දක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. නැගෙනහිර බහාලුම් පන්තියේ වාර්ෂික ධාරිතාව මිලියන 2.4ක් සැපයිය හැකිවන සේ මීටර් 18 ක් ගැඹුරු නැංගුරම් පලකින් බහාලුම් අංගනයකින් සහ මීටර් 1,320ක් දිග ජැටියකින් යුක්ත වේ.
නැගෙනහිර ජැටිය විදේශ රටවලට ලබාදීමට එරෙහිව වරාය වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ගණනාවක් පසුගිය දින කිහිපය පුරා විරෝධතා ව්‍යාපාරද පැවැත්වූ අතර, වරාය සේවකයෝ ඉකුත් සිකුරාදා අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කළහ. මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (01) පෙරවරුවේ සාකච්ඡාවක්ද පැවැති අතර නැගෙනහිර ජැටිය කිසිවකුටත් ලබා නොදෙන බවට අගමැතිවරයා එහිදී පොරොන්දුවක්ද දුන්නේය. ඒ අනුව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේම පවත්වාගෙන යන බවට වන කැබිනට් පත්‍රිකාවක් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළේය.
-අජත්ත කුමාර අගලකඩ-
0 Comments