අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරැදිකරු කොට වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී
බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගේ එකී නඩු තීන්දුව ප්‍රතිශෝධනය කරන
ලෙස ඉල්ලා සිටිමින් විශේෂ අභියාචනාධිකරණාවසර පෙත්සමක් ඊයේ (01දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.
 
නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත
කිරීම සඳහා
නීති ප්‍රතිපාදන නොමැති බවට නිගමනය කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය එය ලියාපදිංචි කිරීම
ප්‍රතික්ෂේප කරන ලද අතර බන්ධනාගාරගතව සිටින සිරකරුවකු වන ඔහුට එකී දඬුවම නියම කරනු ලැබූ
නඩුවට අදාළව ගොනුකරන ලද මෝසමක් ලෙස පමණක් සටහන් කිරීමට නියම විය.

ඉහත අධිකරණයට අපහාස කිරීමේ නඩුව විභාග කරන ලද සිසිර ද ආබෘෘ, විජිත් කේ. මලල්ගොඩ හා
ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉකුත් ජනවාරි 12 වැනි දින
සිය තීන්දුව දෙමින් ඔහුට බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක්ද රුපියල්
50,000ක නඩු ගාස්තුවක්ද ගෙවීමට නියම කරනු ලැබීය.