
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළ මන්ත්‍රිවරුන්ට පක්ෂයෙන් සහ මහජනතාවගෙන්
සමාව ගැනීමේ කොන්දේසිය මත සමාව ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය
තීරණය කර ඇත.
පෙරේදා (13දා) එම පක්ෂයේ උත්තරීතර සභාව රැස්වූ අවස්ථාවේදී මේ තීරණයට එළඹි බව පක්ෂ
නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ෆයිසර්
කාසිම්, එච්.එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික් සහ අන්වර් ෂාමෙඩ් යන පිරිස සම්බන්ධයෙන් පක්ෂය ගත
යුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳ උත්තරීතර සභාවේ සාකච්ඡාවට භාජන වී ඇති අතර ව්‍යවස්ථා
සංශෝධනයට සහාය දුන් මන්ත්‍රිවරුන් පවසනුයේ කොවිඩ් වැලඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු
භූමදානයට අවශ්‍ය අවසර ලබාදෙන බවට ආණ්ඩු පාර්ශ්වයෙන් පැවැසූ නිසා සංශෝධනයට පක්ෂව ඡන්දය
දුන් බවයි.
සඳුනි ගමාරච්චි, එම්. එස්. ෆාරුක්
Comments
Post a Comment
Your comment will be visible after approval