මේ ආණ්ඩුව පහ වසර ශිෂ්‍යත්ව ලකුණුවලින් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී ගජමිතුරන්ගේ මනෙදාළ
පිනවන බව විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න
ප්‍රකාශ කළාය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරිය, පහ වසර ශිෂ්‍යත්ව ලකුණු ගැටලුව නිසා දරුවන්ගේ බුද්ධි
පාලනය හා මානසිකත්වය කඩා වැටිලා. උදාහරණ ලෙස විශාඛා, රාජකීය විද්‍යාල සඳහා ළමයින්
බඳවා ගන්නේ ලකුණු 194 නම් ලකුණු 193ක් ගත්ත දරුවට ඇතුළු වෙන්නත් බැහැ.
අපි දන්නවා කොරෝනා නිසා ගිය වසරේ දරුවන්ට අධ්‍යාපනයට විශාල පහරක් එල්ල වුණා. දරුවන්ට
ස්මාර්ට් තාක්ෂණ, ඔන්ලයින් තාක්ෂණ නැති හේතූන් තිබුණා. ඒ වගේම මුදල් නැති අයට ඩේටා කාඩ් නැති
නිසා ලක්ෂ ගණනක දරුවන්ට පාඩුවක් සිදුවුණා.
ඒ වගේම කඩයිම් ලකුණු නිසා දක්ෂ දරුවන්ටත් අසාධාරණයක්
සිදුවෙලා.
ඇයි ශිෂ්‍යත්ව විභාගය එදා පැවැත්වුණේ බුද්ධි පාලනය 115ට වඩා වැඩි අඩු ආදායම් දරුවන්ට වැඩි
ඉගෙනුම් අවස්ථාවක් ලබා දෙන්නයි. අද එය දරුවාට පාසලක් ලබාදෙන තැනට පත්වී ඇතැයි
මන්ත්‍රිවරිය කීවාය.
මේ රජය ශිෂ්‍යත්ව දරුවන් පාසලට ඇතුළත් කිරීමත් ගජමිතුරන් සතුටු කරන්න යොදාගෙන රජය අඩු
ශිෂ්‍යත්වලාභීන් ප්‍රමාණයක් බඳවාගෙන ඉතිරි ඇබෑර්තු ටික අමාත්‍යාංශය ලේකම්ගේ ලිපි මඟින් බඳවා
ගන්නවා. එහිදී සිදුවන්නේ ගජමිතුරන්ගේ මනෙදාල පිනවීමකි. දරුවන් මුහුණ දෙන ගැටලුව වෙනුවෙන්
මවුපියන් උද්ඝෝෂණය කළා. එහිදී මාසයක් කල් ලබා දුන්නත් ආණ්ඩුවට මෙයට විසඳුමක් නැහැ.
ශිෂ්‍යත්ව ගැටලුව සාමාන්‍ය පෙළ දරුවන්ටත් සිදුවෙමින් යනවා. අපි දන්නවා සෞන්දර්ය විෂයන්වලට ලකුණු
ලබාදීමේදී ප්‍රායෝගික පරීක්ෂණ තියලා ලකුණු ලබාදෙනවා. ගිය වසරේ එසේ ප්‍රායෝගික පරීක්ෂණ
කරන්න බැරි වුණා. දැන් පාසල්වලට කියනවා ප්‍රායෝගිකව පරීක්ෂණ ලකුණු එවන්න කියලා.
එම පරීක්ෂණ නොකර ලකුණු යවන්නේ කොහොමද. අපි දන්නවා සමහර දරුවන් ලකුණු එකතු කර ගන්නේ
ප්‍රායෝගික පරීක්ෂණවලින්. මේ රජය රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන බව මන්ත්‍රිවරිය ප්‍රකාශ
කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාද අදහස් දැක්වීය.
0 Comments