sara-gilbert-proffedor

මේ වනවිට ලොව පුරා සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් තිබෙන නමුත් යම් යම් වෙනස් වූ කොරෝනා ප්‍රභේද හමුවේ සාර්ථක නැති බවට විවේචන පළවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනාකා කොවිෂීල්ඩ් එන්නත ගැන විශ්වාසය අත්නොහරින ලෙස එම එන්නත නිපදවූවන් ප්‍රකාශ කර තිබේ.


වෛරසයේ වෙනස්කම් පැවති බ්‍රසීලයේ හා අප්‍රිකාවේ මෙම එන්නත අසාර්ථක බව කියැවෙන අතර ඊයේ වාර්තාවූයේ අප්‍රිකාවේ කළ නියැදි පරීක්ෂණ අසාර්ථක වීම නිසා එන්නත ලබාදීම ඒ රටේ නවතා දැමූ බවයි. මෙයට හේතුවූයේ එන්නත අප්‍රිකානු ප්‍රභේද වෛරසයට එරෙහි නොවීමය.
දකුණු අප්‍රිකානු ප්‍රභේදයට එරෙහි බලපෑම අඩු වී ඇති බව පෙන්නුම් කිරීමෙන් පසුව එන්නත විශ්වාස නොකිරීමට බොහෝ අය පෙළැඹි අතර අප්‍රිකාවේ එන්නත ලබාගන්නට අයදුම් කළ අය එය ප්‍රතික්ෂේප කරන තත්වයක් මතුවිය.
බ්‍රිතාන්‍යයේ භාවිතා කරන

එන්නත් එරට දැනට ප්‍රමුඛව පවතින කොවිඩ් -19 ප්‍රභේදයන්ට එරෙහිව හොඳින් ක්‍රියා කරයි. එසේම ඉන්දියාවේ නිෂ්පාදනය කර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට බෙදා හරිනු ලැබූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනාකා කොවිෂීල්ඩ් එන්නතේ මුල් නිර්මාණයද අදාළ රටවල් වල මේ දක්වා සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙනෙකා දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ මෘදු හා මධ්‍යස්ථ ආසාදනවලින් ආරක්ෂා නොවන බව පෙන්වන සොයාගැනීම් පිළිබඳ ඊයේ නිවේදනය කෙරුණු පසු කාර්යක්ෂමතාව දුර්වල වීම නිසා ඇස්ට්‍රාසෙනෙකා වැඩසටහන අත්හිටුවන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා දන්වා සිටි අතර ඵලදායිතාව සියයට 22 ක් පමණක් බව පර්යේෂණ ප්‍රතිඵල ඇසුරින් දන්වා සිටින ලදි.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය පරාජය කළ හැකි නව ඔක්ස්ෆර්ඩ් එන්නතක් සරත් සමය වන විට සූදානම් වනු ඇතැයි එහි නිර්මාණකරුවන් පවසා තිබේ.

ඔක්ස්ෆර්ඩ් එන්නත නිර්මාණය කළ මහාචාර්ය සාරා ගිල්බට් පැවසුවේ සරත්  සෘතුව වන විට නවීකරණය කරන ලද අනුවාදය සූදානම් කළ හැකි බවයි.
දකුණු අප්‍රිකාවට ප්‍රථම බ්‍රසීලයෙන්ද මෙයට ඉහත ගැටලු පැනනැගි අතර ඔක්ස්ෆර්ඩ් හි ජෙනර් ආයතනයේ කණ්ඩායම බ්‍රසීලියානු ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා අනුවාදයක් සකස් කිරීමේ මූලික අදියරවල මේ දිනවල නිරතව සිටිති.
මහාචාර්ය ගිල්බට් බීබීසී වැඩසටහනකට එක්වෙමින් මෙසේ කීවාය. “දකුණු අප්‍රිකානු ස්පයික් අනුක්‍රමය සමඟ සංස්කරණයක් අප සතුව ඇත. මිනිසුන්ට එන්නත ලබා දීමට එය තවමත් සූදානම් නැත. තාක්ෂණය අනුවර්තනය වීම පහසුය; නව එන්නතක් නිපදවීම සඳහා සායනික පරීක්ෂණ රැසක් සිදුවනු ඇත. එය පසුගිය වසරේදී අපට කළයුතුවූ වූ ප්‍රමාණයට සමාන නොවේ. ”