
කොළඹ පාසල් 80 ක් හැර දිවයිනේ සියලු පාසල් සියලු ශ්‍රේණි සඳහා පෙබරවාරි 15 විවෘත වන බව රජය නිවේදනය කළ අතර අද පැවති රැස්වීමකදී අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් පැවසුවේ එළඹෙන මාර්තු පලමුවන දා සිට එකොළොස් වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
ඒ නිසා 15 ඇරඹෙන පාසල් සති දෙකකින් යළි නිවාඩු දෙනු ඇත.
මේ අනුව දිවයිනේ සියලු පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 1 සිට මාර්තු 11 දක්වා නිවාඩු ලබාදීමට නියමිතයි. ඉන් අනතුරුව, විවෘත නොකළ පාසල් 80 ත් සමග මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval