දකුණු අප්‍රිකාවෙන් හමුවුණු COVID-19 වෛරසයේ නව  ප්‍රභේදය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේදකුණු කැරොලිනා ප්‍රාන්තයන්ද හමුවී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව  පසුගිය සෙනසුරාදා දිනයේ සිට දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන එක්සත් ජනපද වැසියන් නොවන පිරිස්ව වෙත සංචරණ තහනමක් පැනවීමටද එරට නව ජනපති ජෝ බයිඩන් ක්‍රියාත්මක වී තිබේ.



රට තුළ මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්තවීම වැළැක්වීම එහි අරමුණ බව එක්සත් ජනපදයේ රෝග පාලනය පිළිබද මධ්‍යස්ථානයේ ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යයක්ෂිකා වෛද්‍ය ඈන් ස්ෂුවැටි. "අපි මේ සංචරණ සීමා කෙරෙන ලැයිස්තුව වෙත දකුණු අප්‍රිකාවත් ඇතුළත් කරනවා. මොකද එරටේ ඉදන් එන පිරිස් දැනටමත් මේ වෛරසය එරටින් පිටතට ව්‍යාප්ත කරමිනුයි  ඉන්නේ. ඒ නිසා රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසය තවත් දරුණු කරමින් ඇමෙරිකානුවන් තවදුරටත් අවදානමට නොහෙළීමේ අරමුණින් මෙම පියවර ගත්තා.” යනුවෙන් පවසා තිබේ.