ඉන්දුනීසියානු මුහුද වෙත පසුගිය ජනවාරි මාසයේදී කඩා වැටුණු එරට ශ්රී විජය ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් පිරිසකගේ පවුලේ ඥාතීන් එම අනතුර සම්බන්ධයෙන් ගුවන් යානය නිපදවූ ඇමෙරිකා එක්සත් ජනපදයේ බොයිං සමාගමට එරෙහිව නඩු පැවරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. එම සමාගම විසින් "දෝෂ සහිත සහ අහේතුක අවදානමක්” සහිත ගුවන් යානා ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල කෙරී ඇත. ශ්රී විජය ගුවන් සේවයට අයත් Sj-182 දරන මෙම බෝයිං 737-500 දරන ගුවන් යානය
එම අවස්ථාවේදී යානය තුළ මගීන් සහ කාර්යමණ්ඩලය ඇතුළු 62දෙනෙකු රැදී සිට ඇත. ඒ අනුව මෙම ඉන්දුනීසියානු පවුල එක්සත් ජනපදයේ ඉල්නොයිස්හි පිහිටි දිසා අධිකරණය තුළ බෝයිං සමාගමට එරෙහිව නඩුව පැවරීමට සූදානමින් සිටින බව පැවසෙයි. මෙම අනතුරින් එම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු මරණයට පත්ව තිබේ. ඔවුන් සදහන් කරන ආකාරයට මෙම බෝයිං 737-500 මාදිලියේ යානය සතුව ගුවන්ගත කිරීමට පෙරාතුව දෝෂ සහිතව තිබූ බවත් සමාගම මගින් එම දෝෂ මගහැර තිබූ බවත් පැවසෙයි.
මෙහිදී යානය ඔටෝත්රොටිල් පද්ධතියේ දෝෂයක් තිබූ බව ඔවුන් සදහන් කර තිබේ. මෙම පද්ධතිය යානයේ එන්ජිමේ බලය ස්වයංක්රීය පාලනය කරන පද්ධතිය ලෙස හදුනාගෙන ඇත. මීට අමතරව යානයේතවත් දෝෂ තිබූ බවටත් ඔවුන් චෝදනා කරයි. මෙම යානයේ කළු පෙට්ටි දෙකම මේ වනවිට ගොඩබිමට රැගෙන විත් තිබෙන අතර, ඒවායේ සදභ වන නියමු කුටියේ සංවාද අනුව අනතුරට හේතුව කුමක්ද යන්න පැහැදිලිවම හදුනාගත හැකි වනු ඇතැයි ශ්රී විජය ගුවන් සමාගම සදහන් කරයි.
0 Comments