ධුරයෙත් සමුගත් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජේරාඩ් කුෂ්නර්ගේ  නම, මෙම 2021 වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වී ඇතැයි ඇමරිකන් පුවත් සේවා වාර්තා කරයි.  ජෙරාඩ් කුෂ්නර් පමණක් නොව,
ඔහුගේ බිරිඳ මෙන්ම ට්‍රම්ප්ගේ  පළමු කසාදයේ දියණිය වන ඉවන්කා ද ට්‍රම්ප්ගේ උපදේශකවරුන්  ලෙස රාජකාරි කළහ.  මැදපෙරදිග කලාපයේ අර්බුදවලට විසඳුම් සෙවීමට, ට්‍රම්ප් පත් කළ විශේෂ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ කුෂ්නර්ය. කුෂ්නර්ගේ දෙවැනියා ලෙස කටයුතු කළේ මැදපෙරදිග කලාපයේ විශේෂ නියෝජිතවරයා ලෙස ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ අවි  බර්කෝවිට්ස්ය.  


කුෂ්නර් පමණක් නොව, නොබෙල් සාම ත්‍යාගය සඳහා බර්කෝවිට්ස්ගේ ද නම යෝජනා වී ඇත.  ඊශ්‍රායලය සහ අරාබි රටවල් කීපයක් අතර යහපත් සබඳතා නිර්මාණය වූයේ කුෂ්නර්ගේ මැදිහත් වීමෙනි. ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා ආරම්භ කළ රටවල් වන්නේ එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය, බහරේනය, සුඩානය සහ මොරොක්කෝවය.