අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී නුවර පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි එල්ල වූ ප්රහාරයට මූලික වූ බවට හිටපු ජනපති ට්රම්ප්ට එරෙහිව පැවති චෝදනාවලින් ඔහු නිදොස් කිරීමට එරට සෙනෙට් මණ්ඩලය තීරණය කළ බව වාර්තා වෙයි.
ඔහු වැරදිකරුද? නිවරදිකරුද? යන්න සම්බන්ධයෙන් පසුගියදා සෙනෙට් මණ්ඩලය තුළ පැවැති ඡන්ද විමසීමේදී ඔහු වැරදිකරු බවට ඡන්ද 57ක්ද නිවැරදිකරු බවට ඡන්ද 43ක්ද ලෙස ප්රකාශ වී ඇති අතර එය ට්රම්ප්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සදහා ප්රමාණවත් තුනෙන් දෙකක බහුතරයක් නොවුණු බව පැවසෙයි.
ඒ අනුව මෙම චෝදනාව මූලික කරගනිමින් ඔහුට එරෙහිව පැවැති දෝෂාභියෝගයත් මේ සමග නිමාවට පත් වූ බවත් සඳහන් වෙයි. ට්රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ බහුතරය සහිත සෙනට් මණ්ඩලය විසින් ඔහුට එරෙහිව පැවැති දෝෂාභියෝග සිදුවීම්වලින් ඔහු ගලවා ගත් දෙවැනි අවස්ථාවද මෙය වෙයි.
එක්සත් ජනපද ඉතිහාසයේ පළමුවරට සිය ධුර කාලය තුළදී විශ්වාසභංග දෙකකට මුහුණ දුන් ජනපතිවරයා බවටත් ට්රම්ප් ඉතිහාසයට එක්ව සිටියි. වත්මන් ජනපති ජෝ බයිඩන්ගේ ජයග්රහණය අභියෝගයට ලක් කරමින් වොෂිංටන් ඩීසී නුවරදී සංවිධානය කෙරුණු රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන්ගේ දැවැන්ත උද්ඝෝෂණයකට පසුව එම පිරිස මෙලෙස කැපිටල් හිල් ගොඩනැගිල්ල වෙත කඩා වැදීම සිදුවිය.
මෙහිදී පොලිස් නිලධාරීන් ඇතුළු පස්දෙනකු මරණයට පත්විය. එසේම තවත් පිරිසක් අත්අඩංගුවට පත් විය. එරට කොංග්රසය හෙවත් මහජන මන්ත්රී මණ්ඩලය මගින් පසුගිය ජනවාරි 13දා ට්රම්ප්ට එරෙහි මෙම දෝෂාභියෝගය ඉදිරිත් කර සම්මත කරගත් අතර, එහි බහුතරය හිමිව ඇත්තේ ඩිමොක්රටික් පක්ෂයටයි. එම දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය. පසුගියදා එහි පැවැති මෙම ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂ මන්ත්රීවරුන් පිරිසක්ද ට්රම්ප්ට එරෙහි මෙම චෝදනාවලට ඔහු වැරදිකරු බවට ඡන්දය ලබාදී තිබීමත් විශේෂත්වයකි.
0 Comments