එක්සත් රාජධානියෙහි දුප්පත් ප්‍රදේශවල covid-19 පාලනය ගැටලුකාරී තත්වයක් බවට පත්ව ඇතැයි එරට රජය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිදරව් කෙරී තිබේ. ඒ අනුව ජනවාරි මාසය අවසන් වනවිට එක්සත් රාජධානියේ පොහොසත් ප්‍රදේශවලට වඩා දුප්පත් ප්‍රදේශ තුළ ජනතාවගෙන් ලක්ෂයකින් වාර්තා වන covid-19 ආසාදිතයන් සංඛ්‍යාව පොහොසත් ප්‍රදේශවලට වඩා තවදුරටත් ඉහළ බව සඳහන් කෙරී ඇත. පවතින මේ තත්වයත් සමග දැනට එක්සත් රාජධානිය තුළ ක්‍රියාත්මක
ලොක්ඩවුන් සිමා ඉදිරියේදී ලිහිල් කළද එරට ආසාදිතයන් වාර්තාවීමේ ගැටලුව එලෙසින්ම පවතිනු ඇතැයි විදනඥයෝ සැක පහළ කරති.
ඒ හේතුවෙන් යළිත් වටයකට රට තුළ වසංගතය බෝවීමේ හැකියාවක් පවතින බවත් ඒ හරහා රට යළිත් වාරයකට බිත්ති හතරකට කොටුවෙනු ඇති බවත් ඔවුන් අනතුරු අඟවා සිටියි. මෙම දත්ත සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් විශේෂඥයන්ට අනුව මෙවැනි අසමානාත්මතාවක් ඇති වීමට ප්‍රධානම හේතුව වත්මන් අගමැති බොරිස් ජොන්සන් ප්රමුඛ රජය මගින් මෙම වසංගත කාලසීමාවේදී එරට අඩු ආදායම්ලාභී කණ්ඩායම් වෙත අවශ්‍ය උදව් ලබාදීමට අපොහොසත්වීම බවත් පවසා සිටියි. විශේෂයෙන්ම එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම චෝදනා එල්ල කරති.
"අද වනවිට වැඩි සම්ප්රේෂණතාවක් සහිත වෛරස ප්‍රභේදයක් රට තුළ පවතින අවස්ථාවේදී මේ පසුබිමත් සමඟ ඇතැම් පිරිස් එන්නත්කරණය මගහරගන්නවා. පැහැදිලි මූල්‍යමය දායකත්වයක් නොමැතිව මේ ප්‍රදේශවල වසංගතයේ සම්ප්‍රේෂණ දාමය බිඳ හෙලන්න බැහැ.” ඔවුන් පවසා සිටියි.
0 Comments