පසුගියදා 73 වැනි ජාතික නිදහස් දින උත්සවය නිදහස් චතුරස්රයේ පැවැත්වෙන හැටි රටම සජීවීව නරඹද්දී සජීවී තිරය පිටුපස උත්සවය පැවැත්වෙන අතරවාරයේ විශේෂ පොලිස් අත්අඩංගුවට ගැන්මක් සිදුවිය.
එය නම් උත්සව පරිශ්‍රයට අනවසරෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමයි.
උත්සවයේ කටයුතු අවුල් කිරීමේ අරමුණක් ඔහු සතුව නොතිබූ නමුත් තමා අහවල් උත්සවයට ගියා යයි අන් අයට කියන්නට විශේෂ කැපී පෙනීමේ ආශාවකින් පෙළෙන මානසික තත්වයකින් පෙළෙන අයෙකු බවට පොලිසිය ඔහුව හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු නම් දෙකකින් සහ ලිපිනයන් දෙකකින් පෙනී සිටින 68 හැවිරිදි පුද්ගලයකු බවද
පොලිසිය සඳහන් කරයි.
සැකකරු මුව ආවරණ නොමැතිව උත්සව පරිශ්‍රයට ඇතුළුවීමට තැත් කිරීමේදී හෝර්ටන් පෙදෙස ආරක්ෂක
රාජකාරියේ යෙදී සිටි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් පරීක්ෂක හේරත් මහතා විසින් සැකකරු
අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 2009 වසරේදී කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව
අනවසරයෙන් ගුවන් යානයට ඇතුළුවීමට තැත් කිරීම, 2017 වසරේ මැයි 12 වැනිදා බණ්ඩාරනායක
ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ලෝක ආගමික නායකයන් කැඳවා පැවැති ජාත්‍යන්තර වෙසක්
උත්සවයට ඇතුළුවීමට තැත් කිරීම හා 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව
පැවැති අවස්ථාවේදී රාජ්‍ය නායකයන් සිටි ස්ථානයට අනවසරයෙන් ඇතුළුවීමට යෑමේදී අත්අඩංගුවට පත්වූ
පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු රටේ සංවිධානය කරනු ලබන විශේෂ උත්සව අවස්ථාවලදී අනවසරයෙන්
ඇතුළුවී කැපී පෙනෙන්නට උත්සාහ කරන බව පසුගිය කාලයේ ඔහු කළ ක්‍රියාවන්ගෙන් පැහැදිලි වන බව
පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
සැකකරු මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ සහ මාලිගාවත්ත ඛෙත්තාරාම පාරේ ලිපිනයන් දෙකකින් පෙනී
සිටින බව පොලිසිය කියයි. දෙමටගොඩ, වේළුවන පෙදෙසේ පදිංචි මොහොමඩ් මන්සූර් මොහොමඩ් කලීල් (68)
සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ඇප
මත මුදාහැරිය අතර මාර්තු මස 10 වැනි දින නඩුව නැවත කැඳවීමට නියමිතය. කුරුඳුවත්ත පොලිසිය
පරීක්ෂණ පවත්වයි.
කොළඹ - ජයසිංහ
0 Comments