upali gunasekara royal principal again

කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති උපාලි ගුණසේකර වසර දෙකක කාලයක් නැවත සේවයේ පිහිටුවන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
 


2003 ඔක්තෝබර් 31 වැනිදා සිට 2016 ජනවාරි 14 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල්පති ධුරය දැරූ හෙට්ටිආරච්චිගේ උපාලි ගුණසේකර, දේශපාලන පළිගැනීම හේතුවෙන් වයස අවුරුදු 55න් විශ්‍රාම යෑම හේතුවෙන් ඔහුගේ අහිමි වූ සේවා කාලය සැලකිල්ලට ගෙන අවම වශයෙන් වසර 2ක කාලයක් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති කොමිෂන් සභාව මෙලෙස නිර්දේශ කර තිබේ.

ඉකුත් යහපාලන රජය සමයේදී තමන්ට දේශපාලන පළිගැනීම් පිළිබඳ සඳහන් කරමින් හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් 856/2020 දරන පැමිණිලි අංකය යටතේ උපාලි ගුණ​සේකර දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

උපාලි ගුණසේකර විසින් කරන ලද පැමිණිල්ල සලකා බලා එය විමර්ශනය කිරීමෙන් අනතුරුව ජනාධිපති කොමිසම අදාළ නිර්​දේශයන් කර ඇත.