කොරෝනා ආසාදනය වී පසුගියදා එංගලන්තයේ දී මිය ගිය උපුල් නිශාන්ත දිසානායක නමැති ශ්‍රී
ලාංකේය වෛද්‍යවරයාගේ අවසන් කටයුතු පසුගියදා ප්‍රභූ ගෞරව සහිතව එංගලන්තයේදී සිදුකෙරිණි.
මියයන විට 52 හැවිරිදි වියේ පසුවූ උපුල් නිශාන්ත දිසානායක නමැති වෛද්‍යවරයා ලන්ඩන් නුවර
කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක සේවය කළ අතර කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්
පසුගිය 20 වැනිදා ජීවිතක්‍ෂයට පත්විය.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූ වෛද්‍ය උපුල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඒ මහතා සේවය කළ
එංගලන්තයේ North Middlesex University රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් පසුගිය 28
වැනිදා ප්‍රභූ ගෞරව සහිතව සිදුකර තිබේ.
මෙම ශ්‍රී ලාංකේය වෛද්‍යවරයා නාත්තණ්ඩිය වැලිපැන්නගහමුල්ල පදිංචිව සිට මීට වසර 20කට ඉහතදී
එංගලන්තයට ගොස් ඇති අතර ඔහු එක්දරු පියෙකි.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
0 Comments