Upul Rohana PHI

දෛනිකව වාර්තා වන කොවිඩ් - 19 රෝගීන්  සම්බන්ධ සංඛ්‍යා ලේඛන විශ්වසනීයත්වයෙන් තොර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු මෙසේ කියයි.

“දෛනිකව වාර්තා වන කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාවේ සංඛ්‍යා ලේඛන පිළිබඳ යම් යම් පරස්පරතා ඇති ව තිබෙනවා. විශ්වසනීයත්වයෙන් තොර බවට අපට යම් යම් සාධක අනාවරණය වෙනවා.
මේ නිසා මහජනතාවත් මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වසනීයක් නැහැ.
ඒ වගේම සිදුවෙන මරණ ගණනත් ගැටලුවක්.
මේ වන විට රසායානාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබීම සඳහා අවම වශයෙන් දින 5ක කාලයක් ගතවෙනවා. ඒ වගේම ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල දින 15කට ආසන්න කාලයකුත් ගතවෙන කාලයක් අපිට නිරීක්ෂණය වෙනවා. මේ රසායනාගාර වාර්තා ලබා දීමට ලබාදුන් ඇතැම් පීසීආර් පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම් වාර්තා වෙනවා. මේ අස්ථානගත වුණ තොරතුරු හා කල් පහුවුණු සංඛ්‍යා ලේඛන සමග අපිට තවදුරටත් මේ ගනුදෙනුව කරන්න බෑ කියන එක තමයි පේන්නේ. ඒ නිසා රසායානාගාර සම්බන්ධයෙන් ඉදිරියට විධිමත්ව හා යම් වගකීමකින් කටයුතු කළ යුතු බව අපි අවධාරණය කරනවා.“