vaccine monkeys issue

ලොව ඖෂධ නිෂ්පාදන සමාගම් මගින් නිපදවන නව එන්නත් අත්හදා බැලීම සදහා අවශ්‍ය විද්‍යාගාර වඳුරන්ගේ දැඩි හිඟයක් මේ වනවිට උත්ගතව පවතින බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව මෙලෙස එම එන්නත් අත්හදා බැලීම සදහා යොදාගත හැකි වදුරන් නොමැති වීමෙන් ලොව පුරා මිලියන ගණනක මිනිසුන්ගේ ජීවිතවලට අවදානමක් පවතින බවද සඳහන් වෙයි.



විශේෂයෙන්ම අද වනවිට මූලිකම එන්නත් අවශ්‍යතාව වන COVID-19 මර්දන එන්නත් නිෂ්පාදනය සදහාද මෙම තත්වය දැඩිව බලපා තිබේ.එම එන්නත් නිෂ්පාදනයේ යෙදී සිටින ලොව ප්‍රකට සමාගම් වන මොඩර්නා සහ ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් යන සමාගම් වෙත මේ වනවිට එවැනි විද්‍යාගාර වඳුරන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව එම වඳුරන් සපයන සමාගම් සඳභත් කරයි.මෙම වදුරන් විද්‍යාගාර අත්හදා බැලීම් සඳහාම විශේෂයෙන්ම බෝ කෙරුනු වඳුරන්වෙයි. අද වනවිට මෙම වඳුරෙකු ඩොලර් 10,000ක්, එනම් රුපියල් විසි ලක්ෂයක පමණ වටිනාකමක් ගනියි. නියමිත කාලයට මේ සතුන් සැපයීමට නොහැකි වීමෙන් අපිට දැන් වැඩ නැතිවෙලයි තියෙන්නෙ.

මෙවැනි සතුන් සපයන ආයතනයක නිලධාරියෙකු පවසයි.වදුරන්ගේ ඩී එන් ඒ සැකැස්ම මිනිසුන් හා සමානවීම මෙලෙස අලුතින් නිපදවන එන්නත් අත්හදා බැලීම් සදභා වඳුරන් අවශ්‍ය වීමට හේතුව වී තිබේ. එහිදී ලොව පුරා රටවල් රැසක ඖෂධ සමාගම් ආසන්න කාලසීමාවේදී තරගයට මෙන් COVID-19 එන්නත් නිපදවීමත් සමග මෙම වඳුරන් සංඛ්‍යාවද ක්‍රමයෙන් අඩුවී ගොස් ඇත. එසේම ලොව පුරා ක්‍රියාත්මක වනජීවී අලවිය පිළිබද සීමාද මෙම වඳුරන් හිගවීමට හේතු වී තිබේ.

විශේෂයෙන්ම අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරසයේ විකෘතියට පත්වුණු නව ප්‍රභේද සදහා ආර්ථික වන නව එන්නත් නිපදවීම අනිවාර්යය වී තිබීමත් සමග මිනිසාගේ අනාගත යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙම විද්‍යාගාර වඳුරන්ගේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබේ. කෙසේ වෙතත් මිනිසුන්ගේ ජීවිත යහපත් කිරීම සදහා මෙලස වඳුරන්. වෙත සිදුකරන හිංසාකාරී පීඩාවන් පිළිගත නොහැකි බවත් සත්ව සංවිධාන ක්‍රියාකාරිකයන් සඳහන් කර සිටියි.