
දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාස වල නාම ලේඛන අනුව වයස 30 ට වැඩි සියල්ලන්ට එන්නත ලබාදීමට තීරණය කර ඇතැයිද ඒ අනුව ඉදිරියේදී ලංකාවේ සියයට 60 ක ජනතාව එන්නත් කරණයට ලක්වනු ඇතැයිද වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය අද පවසන ලදි.
පළමු අදියර ලෙස වයස 60 ට ඉහළ අයට එන්නත ලබාදීම කඩිනම් කර ඇති අතර ඒ වෙනුවෙන් සියලු ග්‍රාම නිලධාරීන් දැනුවත් කර මැතිවරණ නාම ලේඛනය අනුව වයස 60 ට වැඩි අය හඳුනාගෙන ලේඛනගත කර තිබෙන අතර ඔවුන්ට ඉදිරි සතිවල සිට අවදානම් කලාපවලට ප්‍රමුඛතාව දෙමින් එන්නත් ලබාදීමට නියමිතය.
දැනට ලංකාවට ගෙන්වා ඇති මුල් එන්නත් තොගය අවසන් වීමට පෙර ඉන්දියාවෙන් හා සෘජුව බ්‍රිතාන්‍යයෙන් ඇස්ට්‍රාසෙනාකා එන්නත් ඇනවුම් කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරිය දන්වා ඇත. ඒ සමගම ඇය පවසන්නේ ඒ වෙනුවෙන් වැයවන මිලියන 50 මුදල් ප්‍රශ්නය නෙමෙයි ගැටලුව ඒවා නිපදවන අයට පවතින අධික ඉල්ලුම නිසා ඒවා ලබාගැනීමයි දැන් ගැටලුව වෙලා තියෙන්නේ ලෙසිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval