valampuri-fraud

දුර්ලභ වර්ගයේ වාමාවෘත්ත වාලම්පුරියක් රුපියල් කෝටි 02ක පමණ මුදලකට විකිණීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු එම වාලම්පුරියද සමග කොළඹ - කොටුව පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි හෝටලයක් අසලදී 

පෙරේදා (08) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මහනුවර දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.  ප

ොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බාරයට ගත් මෙම වාලම්පුරිය දුලර්භ වර්ගයේ වාමාවෘත්ත එකක් බවත් අඩි 01 අගල් 7 ක පමණ වට ප්‍රමාණයකින් යුත් මෙම වාලම්පුරිය බර ග්‍රෑම් 66ක් පමණ බරකින් යුක්ත බව ද  පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.



නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරින් ලබාදුන් තොරතුරක් මත කොළඹ කොටුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් අසලදී වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඔහු ළඟ තිබූ වාලම්පුරිය කෝටි 02ක  පමණ මුදලකට කෝටිපති ව්‍යාපාරිකයකුට විකිණිමට මහනුවර ප්‍රදේශයෙන් ගෙනවිත් තිබෙන බව පරික්ෂණවලදී හෙළි වූ බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය. 

අත්අඩංගුවට ගත් සැකකරු ඉපැරැණි භාණ්ඩ විකිණීමේ ජාවාරමක යෙදී සිටින අයකු බවට  පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබෙන බව ද කියති.  දඹුල්ල ප්‍රදේශයේ පදිංචි අයකුගෙන් මෙම වාලම්පුරිය ලැබුණ බව සැකකරු පවසන්නේ යැයි ද විශේෂ කාර්ය බළකාය කියයි.


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එම බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (බුද්ධි හා විශේෂ මෙහෙයුම්)  සහකාර පොලිස් අධිකාරි සී.පී.යු. කොඩිතුවක්කු  මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ  මර්දන ඒකකයේ (01) ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක පොලිස් පරික්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ.  දිසානායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක්  මෙම වැටලීම සිදුකර ඇත.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරීය-