
ශ්‍රී පාදය කරුණා කරවීමට බාහිර පන්ති ගුරුවරයකු සහ ඔහුගේ සිසුන් පිරිසක් ඊයේ (14දා) කටයුතු කර
ඇත.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රීසි බාහිර පන්ති දිවයින පුරා පවත්වන සනත් අත්තිඩිය මහතා සහ
ඔහුගේ පන්තිවලට සහභාගි වන දිවයින පුරා සිසුන් පිරිසක් එක් කර ගනිමින් ආබාධිත පිරිස ශ්‍රී පාදය
කරුණා කරවනු ලැබුවේ පස්වැනි වරටය.
ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ සහායද ලබාගනිමින් ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන සේවාවක් සලසා
ගනිමින් ශ්‍රී පාද හැටන් මාර්ගයේ ඉදිකටු පහන සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා අත්වැට
විසබීජහරණය කරමින් මෙම පිරිස ශ්‍රී පාදය කරුණා කරවීමට කටයුතු කර ඇත.
ආබාධිත පිරිසට කිහිලිකරු, අත්වාරු, ආහාරපාන, ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් නොමිලේ
ලබාදෙමින් එම ගුරුවරයාගේ මූල්‍ය දායකත්වයෙන් සිසුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍යකර්මය
සිදුකර ඇත.
නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි, කහවත්ත - එල්. නිරෝෂණ
Comments
Post a Comment
Your comment will be visible after approval