වවුනියාව, නෙදුන්කර්නි පොලිස් වසමට අයත් සේනපිලව් ප්‍රදේශයේ නිවෙසක් තුළ සගවා තිබියදී සොයාගත් පුද්ගල නාශක බෝම්බ 148 සහ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 24ක පමණ තොගය මඩකළපුව ප්‍රදේශයේ අයකුට විකිණීමට සුදානම්කර තිබී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් 18 දා පැවසීය. මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියේ ඉදිරි විමර්ශන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම පරික්ෂණ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ඊයේ බාරදුන් බවද ඔහු සඳහන් කළේය. මෙම පුද්ගල නාශක බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා යුද හමුදා බෝම්බ නිෂක්‍රිය අංශයට දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවසීයඅධිබලැති පුපුරන ද්‍රව්‍ය හා බිම්බෝම්බ සමග අත්අඩංගුවට ගත් සැකකරු එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාත්මක වූ වකවානුවේ වළ දමා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටි රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන අයකු වන අතර ඔහුගේ ප්‍රශ්න කිරිමේදී මේ බව හෙළි විණි යැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේවා ලබාගැනීමට සිටි බව කියන මඩකළපුවේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා යුදහමුදා බුද්ධි අංශ පුළුල් පරික්ෂණයක් පවත්වාගෙන යයි.. පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ තොගය සමග සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගත් අතර ඇය ද එම රාජ්‍ය නොවන සංවිධානය යටතේ බිම් බෝම්බ ඉවත් කිරිමේ නිරතව සිටින්නියක බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු වසර 10ක පමණ කාලයක් තිස්සේ ද ඔහුගේ බිරිඳ වසර 1 1/2ක පමණ කාලයක් තිස්සේද බිම් බෝම්බ ඉවත් කිරිමේ කාර්යයේ නිරතව සිටින බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත නෙදුන්කර්නි පොලිසිය පෙරේදා සේනපිලව් ප්‍රදේශයේ පිහිටි නිවස සෝදිසිකර බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments