wannila-eththo-court

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එහි සඳහන් වන්නේ
තම  නිජ බිම්  මහවැලි අධිකාරිය යටතට පවරාගෙන එයින් අක්කර 5000ක්  බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙසයි.
ආදි වාසි නායකයා සමග මේ ගැන කරුණු දක්වන්නට පරිසර යුක්ති කේන්ද්‍රය ද   එක්ව ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ තම ශතවර්ෂ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවය.