
විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගි කරගත හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 50ක් බවට කිසිදු
තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මීට අදාළව දැඩි සමාජ කතිකාවක් නිර්මාණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසුමකදී යුද
හමුදාපතිවරයා සඳහන් කළේ විවාහ මංගල්‍ය උත්සව සඳහා උපරිමව පුද්ගලයන් 150ක් සහභාගි කරගත
හැකි බවය.
කෙසේ නමුත් විවාහ මංගල්‍ය උත්සවය පවත්වන ශාලාවේ, ස්ථානයේ ප්‍රමාණයෙන් හරි අඩක් පමණක්
ගෙන්වාගත යුතු බවත් සමාජ දුරස්ථභාවය රැකගනිමින් විවාහ උත්සව ගතයුතු බවත් වැඩිදුරටත් අදහස්
දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval