කලා ශිල්පී විල්සන් කරුනාරත්න කොරෝනා වෙනුවෙන් රජය ලබාදුන් 5000 දීමනාව ලබාගැනීමට කිරුළපන ප්‍රදේශයේ තිබුණ ආධාර බෙදාදෙන මධ්‍යස්ථානයකදී කලබලයක් ඇති කරගත් පුවත මීට කාලයකට පෙර ප්‍රසිද්ධ විය.
මෙහිදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ඔහු මුව ආවරණ රහිතව සිටිමින් පෝලිම පැන්නා යයි චෝදනා කළ නිලධාරියාට ගහන්නට ගොස් තිබුණ අතර අනතුරුව ඔහුව පොලිසිය මගින් අතඅඩංගුවට ගෙන එක් දිනක් රිමාන්ඩ් භාරයේ තබා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එම සංසිද්ධියෙන් මාස තුනකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු ඊයේ (16) ඔහු නැවත අධිකරණයට ඉදිරිපත්වූ අතර නිලධාරීන්ට බාධා කළැයි කියන සිද්ධියට අදාළව වරද ඔහු පිළිගත්තේය.
ඒ අනුව විල්සන් කරුණාරත්න මහතාට රුපියල් 1,500ක දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියම කළාය.
නිරෝධායන නීති කඩකරමින් පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියමින් කිරුළපන පොලිසිය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 2020 වසරේ නොවැම්බර් මස 19 වැනිදාය.
එහිදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම විණි. රුපියල් 5,000 දීමනාව දුන් කිරුළපන පෝළිමක නිරෝධායන නීතිය කඩකරමින් මුව ආවරණයක් නොමැතිව මෙම සැකකරු රැදී සිට ඇති බවත් එහිදී උපපොලිස් පරික්ෂක අමරසිංහ මහතා විසින් ඔහුට මුව ආවරණයක් පැළඳ ගැනීමට උපදෙස් දෙනු ලැබූ බවත් කිරුළපන පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් සැරයන් මාධව මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එහිදී උරණ වූ මෙම සැකකරු උපපොලිස් පරික්ෂකවරයාගේ මුහුණට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් පසුව ඔහු ප්‍රතිකාර සඳහා යොමු වූ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මේ අනුව මෙම සැකකරු නිරෝධායන නීතිය කඩකිරීම මෙන්ම පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරිම මෙන්ම නිලධාරියකුට පහරදීම යන චෝදනාවලට ලක්වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.
මෙම සිද්ධියෙන් ලජ්ජාවට පත්වූ කලාකරු පසුගියදා යූටියුබ් නාලිකාවක් ඔස්සේ දන්වා සිටියේ තමන්ට 5000 ක් ගැනීමට පේලිම්වල සිටය යුතු නැති බවත් තමා එදා ආවේ වෙනත් කාන්තාවකට උදව් කිරීමට බවත්ය. තමා සතුව කිරුළපන ගොඩනැගිල්ලක් ඇති බවත් මාසිකව විශාල ආදායමක් ඉන් ලැබෙන බවත් ඔහු එහිදී දන්වා සිටියේය.
0 Comments