wimal weerawansa cb rathnayake

සියලු දේට කාටත් කලින් ඉස්සර වන ශ්‍රී ලංකාවේ දේශපාලකයින් කොරෝනා එන්නත විද ගැනීම මෙතරම් පමාවන්නේ ඇයිද යන්න ඇතැමුන් තුළ සැක මුසු කාරණාවකි. 
ඇමරිකානු නායකයින් ප්‍රසිද්ධියේ කොරෝනා එන්නත විදගන්නේ ජනතාවට ඒ ගැන පෙළැඹවීමක් ඇති කිරීමට හා බය නැති කිරීමට වුවත් ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක නායකයින් ප්‍රසිද්ධියේ එන්නත විදගැනීමට නොයන බව පැවසේ. එයට හේතුව ජනතාවට කලින් තමන් එන්නත විදගැනීමට උනන්දුවීම ගැන නෝක්කාඩු කතා අහගන්නට වන නිසාය.


ඇතැමුන් නිල නොවන ආකාරයට අදහස් දක්වා ඇත්තේ ඇමරිකාවේ එන්නත ජනතාවට රහසින් ගෙන්වාගෙන විදගත් ඉහළ පෙළේ නායකයින්ද ලංකාවේ සිටින බවයි.
මේ අතර ඇමති විමල් වීරවංශ පසුගියදා මව්බිම ඉරිදා පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ තමා කොරෝනා එන්නත විදගැනීමට කිසිසේත් සූදානම් නැති බවයි.
‘මට නම් පෞද්ගලිකව ඔය වැක්සීන් එක ගැන විශ්වාසයකුත් නෑ. නොමිලෙ දුන්නත් ඔය වැක්සීන් එක මම ගහගන්නෙ නෑ‘ ඔහු කියා තිබුණේය.
කෙසේ වෙතත් වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි.රත්නායක මහතා අද (10) දින යුද හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්දන එන්නත එන්නත් කර ගත් බව වාර්තා විය.
අමාත්‍යය සි.බි රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුළ කොරෝනා නොසෑදුණත් අවස්ථා දෙකකදි ස්වයං නිරෝධානයට යොමුවූ අයෙකි.