ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ අද දින රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ තමන් බ්ලූමවුන්ටන් ව්‍යාපාරික හිමිකරු සමග රටින් පැනගොස් ඇති බවට ව්‍යාජ කටකතාවක් නිර්මාණය වී සමාජ මාධ්‍ය තුළ පැතිරෙන බැවින් ඒ ගැන සොයා බලන ලෙසයි.
පසුගිය දින කිහිපයේ ඇමති විමල් සිදු කළ ප්‍රකාශයක් නිසා ඔහුට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පවා ආරෝවක් තිබුණ අතර ඒ අතරවාරයේ ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළවූ පුවතකින් සඳහන් කර තිබුනේ විමල්ට පවුලේ නායකත්වය පවා අහිමිව ඇති බවත් විමල්ගේ බිරිය මේ දිනවල ව්‍යාපාරිකයෙකු සමග රටින් පැනගොස් ඇති බවත්ය. එම ප්රවෘත්ති වල ඡායාරූප පවා සඳහන් කර දක්වා තිබුනේ බ්ලූමවුන්ටන් නමැති ඉදිකිරීම් සමූහයේ අධිපති කෝටිපතියා සමග ශෂී වීරවංශ පැනගොස් ඇත්තේ බැසිල්ගේ උපායකට අනුව හාද කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි. විමල් වීරවංශගේ බිරිය සත්‍ය ලෙසම තවම සිටින්නේ ලංකාවේ වන අතර අද ඇය රහස් පොලිසියට දන්වා ඇත්තේ කටකතාව හේතුවෙන් තමන් සහ දරු දෙදෙනා මානසික වශයෙන් හිංසනයට පත්වූ බවයි.
ඒ ගැන පරීක්ෂණ කර වරදකරුවන්ට දඬුවම් දෙන්නැයිද ඇය ඉල්ලා ඇත.
මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට අද පක්ෂ නායකයින් කිහිප දෙනෙකුද සාකච්ඡාවක් සඳහා පැමිණ තිබෙන බව වාර්තා විය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසූයේ මෙම සාකච්ඡාව සඳහා පක්ෂ 12ක සාමාජිකයින් සහභාගී වූ බවකි.
0 Comments