
පසුගිය 02 වනදා කොරෝනා ආසාදනය වූ බවට වාර්තා පළවූ හිටපු කථානායක වි. ජ. මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) ඉරිදා සවස මියගියේය. කොරෝනා ආසාදනයෙන් මෙරට දේශපාලකයෙකු මරණයට පත්වූ පළමු වතාව මෙයයි.
ඔහුගේ රෝග තත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 06 දා රාත්‍රියේ සිට මුල්ලේරියාව අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණි.
හැත්තෑ නමය (79) හැවිරිදි වියේ පසුවූ ලොකුබන්ඩාර මහතාට මුලින්ම කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත්තේ රජයේ රෝහලකින් සිදු කළ පීසීආර් පරීක්ෂණයකදීය. ඔහුට කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මුලින් ඇතුළත් කරන ලද අතර
වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබුණි.
අනතුරුව ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කරන්නට සිදුව ඇත්තේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වැඩි පහසුකම් එම රෝහලේ නොපැවතීම හේතුවෙනි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය විජමු ලොකු බණ්ඩාර මහතා මෙරට වයෝවෘද්ධම දේශපාලනඥයින් අතරින් කෙනෙකි.
2004 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු වූ අතර පොත් කිහිපයකම කතුවරයකු සහ ගීත රචකයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval