දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන්  සඳහා අද (1) සිට විවෘත කෙරන බව වනජීවී  රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා  පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය  හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර  සිට වසා දමනු ලැබීය.  සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය 
උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කරන්නැයි තමා ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දුන් බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.
සියලු සත්වෝද්‍යාන දිනපතා විෂබීජහරණය කරන ලෙසටද උපදෙස් දී ඇතැයි විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ අතර සත්වෝද්‍යානවල සතුන් කිසිවකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නැතැයි සත්චෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

-සුජිත් හේවාජුලිගේ-