ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව තිබේ.නෞකාව මෙලෙස සම්පුරණයෙන්ම ඇළ මාර්ගය අවහිර වන ලෙස නැවැතී ඇති ආකාරය විදෙස් මාධ්‍ය ඔස්සේ නිකුත් කෙරුණු ඡායාරූපවල සටහන්ව ඇත. ඇළ මාර්ගය ඔස්සේ හමාගිය විශාල සුළඟක්හේතුවෙන් නෞකාව මෙලෙස කරකැවී නතර වී තිබෙන බව නෞකාව මෙහෙයවූ සමාගම පවසයි. මීටර් 400ක් දිග, මිටර් 59ක් පළල මෙම MV Ever Given නෞකාව පැනමාවේ ධජය සහිතව යාත්‍රා කරමින් සිට ඇත. නෞකාවේ හිමිකරුවා ජපානයේ ලැයිස්තුගත සමාගමකි. තායිවානයේ Evergreen Marine corp සමාගම මෙම නෞකාව කල්බදු පදනම මත ලබාගෙන මෙහෙයුම් සිදු කරමින් සිට ඇත.
ඊයේ දිනයේදී ටග් යානා යොදා ගනිමින් නෙකාව යළි ඇළ මාර්ගය මත නියමිත ආකාරයට ස්ථානගත කිරීමේ මෙහෙයුම් සිදු කෙරෙමින් පැවතුණි.වසර 150කට වඩා පැරණි මෙම සූවස් ඇළ මාර්ගය ලෝකයේ පවතින වඩාත් වැදගත්ම වෙළෙඳ මාර්ගයක් ලෙසත් සැලකෙයි. අද වනවිට එය ලෝකයේ සමස්ත ජාත්‍යන්තර සාගරික වෙළෙඳාමෙන් 10% ක් සඳහා දායකත්වය සපයයි. ඒ අනුව වසරකට මෙම ඇළ මාර්ගය හරහා ගමන් ගන්නා නෞකා සංඛ්‍යාව 19,000කට අධික වන අතර ඒ හරහා ප්‍රවාහනය කෙරෙන භාණ්ඩවල බර ටොන් බිලියන 1.17ක් පමණ වන බවත් සූවස් ඇළ අධිකාරිය පවසා සිටියි.
0 Comments