බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
සියලු රජයේ පාසැල් සහ රජයේ අනුමත පාසැල් 2021 වර්ෂයේ පළමු පාසැල් වාරය ඉකුත් පෙබරවාරි මස 25 වෙනිදා අවසන් වූ අතර දෙවන පාසැල් වාරය මාර්තු මස 15 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් බස්නාහිර පළාතට අයත් කොළඹ කළුතර ගම්පහ තත්වය තවම සාමාන්‍ය නැති බවට නිගමනය කර ඇති සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබාදී තිබෙන දිවයිනේ සෙසු පළාත්වල පාසැල් සුපුරුදු පිරිදි මෙම මස 15 වෙනිදා යලි ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා පැවසුවේය.
0 Comments