මෙරට දරුවන් විසි දෙනකු ලොවට දායාද කළ පියාගේ අවසන් කටයුතු ඊයේ (28දා) පුන් පොහෝ දින
ගලේවෙල, කටුපොත ප්‍රදේශයේදී සිදුකෙරිණි.
මෙරට වැඩිම දරුවන් පිරිසක් දායාද කළ මව හා පියා ගලේවෙල, කටුපොත ප්‍රදේශයේ පදිංචි
සිටියහ. මෙසේ අවසන් ගමන් ගියේ ගොඩයලගේ ජිනදාස නම්වූ වයස අවුරුදු 89කුත් මාස 11ක් ජීවත් වූ
විසිදරු පියායි.
ගලේවෙල, කටුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි ජිනදාස මහතාත් එච්.ඒ. රොසලින් නෝනා අවුරුදු 84ක
මාතාව දරුවන් විසි දෙනකු මෙලොවට දායාද කොට පසුගිය කාලයේ මුළු සමාජයේම කතාබහකට ලක්
වෙමින් ජාතියේ උදාර පියා ලෙසත් ජාතියේ උදාර මව ලෙසත් උපහාර ලැබූහ.
පසුගිය 2017 වසරේ මුලින්ම ජනමාධ්‍ය මඟින් මෙම මව සහ පියා පිළිබඳව ලෝක මවුවරුන්ගේ දිනයේ
හෙළිදරව් කෙරිණි. ඉන් පසුව මෙම මව සහ පියා පිළිබඳව දිවයිනේ සෑම රුපවාහිනි නාළිකාවකම විශේෂ
වැඩසටහන් හා ප්‍රවෘත්තිවලට මෙම උදාර මව සහ පියා පිළිබඳව හෙළිදරව් විය.
දඹුල්ල - කේ.කේ. ආරියදාස
0 Comments