Egypt-announces-archaeological-discoveries

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට නිරිතදිගට වන්නට පිහිටි බහාරියා ක්ෂේම භූමිය ආශ්‍රිතව සිදුකළ අලුත්ම කැණීම්වලදී ඉපැරණි දේවස්ථාන සහ ඒවායේ කාමර බවට සැලකිය හැකි ඉදිකිරීම් රැසක් හමුවුණු බව එරට සංචාරක සහ පුරාවිද්‍යා අමාත්‍යාංශය පවසයි.

නෝර්වීජියානු-ප්‍රංශ පුරාවිද්‍යාඥයන්ගේ එකමුතුවෙන් සිදුකළ මෙහෙයුමකදී මෙම නව සොයා ගැනීම සිදුකර තිබේ. මෙහිදී බැසෝල්ට් ගලින් ඉදි කළ ගොඩනැගිලි කිහිපයක්ම සොයාගෙන ඇත. එසේම කන්ද කපා සකස් කළ කාමර මෙන්ම මඩ ගඩොල් යොදා ගනිමින් සිදු කළ තවත් ඉදිකරීම්ද මෙහිදී හමුව ඇත.මේ අතරින් මඩ ගඩොල් යොදාගෙන සැකසූ ඉදිකිරීම ක්‍රිස්තු වර්ශ සිවුවැනි හෝ හත්වැනි සියවස්වලට අයත් වන බවට හදුනාගෙන ඇත. එහිදී දේවස්ථාන තුනක් සහ ඒවායේ සිටි බවට පැවසෙන පූජකයන් සදහා වෙන් වූ කාමර තුනක්ද හමුවී තිබේ.විශේෂයෙන්ම මෙම කාලසීමාවේදී ඊජිප්තුව තුළ පැවැති බවට සැලකෙන ගොඩනැගිලි සැලසුම් සහ ඉදිකිරිමේ තාක්ෂණය මෙන්ම ආගමික පූජකයන් සදහා වන වන්දනාමාන කිරීම් පිළිබද දැනුමද මෙම නවතම හඳුනාගැනීමේ වැදගත්ම අවස්ථාව බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

Egypt-announces-archaeological-discoveries