පසුගියදා රිටිගල වෙදමහතාගේ කොරෝනා පැණිය ලබාගත් බත්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ආයතනයේ 09 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනයවී ඇති බව වාර්තාවේ.
නවතම වාර්තා අනුව මෙම රෝගය වැළඳුණ සේවකයින් අතරින් කොටසක් තවම ආයතනයේ විවේක කාමරවල රැඳී සිටින බව වාර්තාවන අතර තවත් කොටසක් ආයතනයේම නිරෝධායනය වෙමින් සිටින බව වාර්තාවේ.
රෝගය වැළඳුණ අය අතර රියදුරන් 04 දෙනෙකු හා ප්‍රවර්ධන අංශ සාමාජිකයින් සිටින බව වාර්තාවෙයි.
රෝගය ඇති බවට ධනාත්මකවූ අය රෝහල් ගත නොකර ආයතනය තුළ රඳවා ගැනීම අන් අයට අවදානමක් මතුකර ඇති බවද වාර්තාවේ.
0 Comments