Road Safety World Series

කෙවින් පීටර්සන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත්, මොන්ටි පැනසාර්ගේ දක්‍ෂ පන්දු යැවීමත් හේතුවෙන් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් (Road Safety World Series) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (09දා) රාත්‍රියේ අවසන් වූ තරඟයෙන් අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 06කින් පරාජය කර තියුණු ජයක් ලැබීමට එංගලත්ත කණ්ඩායම සමත් විය.



රායිපූර්හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත මෙන්ඩිස් පන්දුවාර 20 තුළදී ලකුණු 188/ 7ක් රැස් කිරීමට සමත් විය. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ නායක කෙවින් පීටර්සන් ලකුණු 75ක් රැස්කිරීමට සමත් විය. පන්දු 37කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට අලංකාර හයේ පහර 05ක් හා හතරේ පහර 06ක් ඇතුළත් වීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු  182ක් පමණි. කණ්ඩායම ජයග්‍රාහී කඩයිම වෙත රැගෙන ඒමට ප්‍රබල උත්සාහයක් ගත් ඉර්ෆාන් පතාන් පන්දු 34කදී නොදැවී ලකුණු 61ක් රැස් කළේය.

ඊට හයේ පහර  05ක් හා හතරේ පහර 04ක් ඇතුළත් වීය.මෙහිදී පතාන්, මන්ප්‍රිටි ගෝනි සමගින් එක්ව 08වැනි කඩුල්ලට පන්දු 26කදී ලකුණු 63ක නොබිදුණු සබදතාවක්ද පැවැත්වීය. එහිදී මන්ප්‍රිටිගේ  පිත්තෙන් ලකුණු 34ක් වාර්තා වීය. දැවැන්ත හයේ පහර 04ක් ඇතුළත් වූ එම ඉනිම සදහා ඔහු මුහුණ දුන් පන්දු 16කට පමණි.

 (විශ්ව මුදියන්සේ)