අනියම් පෙම්වතිය මරා ඇගේ හිස සුන් මළකඳ වේල්ල වීදියේ අතහැර ඇගේ හිස කොටස රැගෙන බඩල්කුඹුර
සිය නිවෙසට ගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා, බිරිය හා දරුවන් නින්දට ගිය පසු මහ රෑ අවදි වී තම
පෙම්වතියගේ හිස කිසියම් තැනක වළ දමන්නට ඇතැයි සැක කරන බව මේ පිළිබඳ විමර්ශන සිදුකරන
ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය.
ඊට තවත් හේතුවක් වන්නේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇඳුම් කිහිපයක් ඊට පසුදින අලුයම ගෙවත්තේ
ගිනි තබා තිබීමය.
ඒ ඇඳුම් අතර ඔහු කොළඹ සිට බඩල්කුඹුර සිය නිවෙසට යද්දී ඇඳගෙන ගිය රෝසපාට ටී
ෂර්ට් එකේ කොටස්ද තිබී ඔහුගේ දියණිය විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව පොලිසිය සැක කරන්නේ මියගිය
පොලිස් පරීක්ෂකවරයා ගෙදර අය නින්දට ගිය පසු අවදි වී කාටත් හොරෙන් සිය ඇඳුම් ගිනි තබා යළි කිසිවක්
නොදන්නකු සේ නින්දට ගොස් තිබෙන බවත්ය.
මේ සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මියගිය උප
පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය හා දරුවන්ගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ ලබාගෙන තිබිණි.
ඒ අනුව ඔහුගේ දියණියක් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ තම පියා එදින රාත්‍රි 11.30 ට පමණ
නිවෙසට පැමිණි බවත්, ඒ අවස්ථාවේ ඔහු සිය බෑගයද රැගෙන ගෙදර ආ බවත්ය. පසුව තමාගෙන්
තුවායක් ඉල්ලාගෙන නාන කාමරයට ගොස් පැමිණ රාත්‍රි ආහාරය ගැනීමට සූදානම් වූ බවය. ඒ
අවස්ථාවේ තමා පිඟානක් ගැනීමට කුස්සියට ගිය බවත් ඒ අවස්ථාවේ ඇඳුම් කිහිපයක් සින්ක් එක අසල තිබූ
බවත් ඇය පොලිසිය හමුවේ පවසා ඇත. එහෙත් එම ඇඳුම් තම පියාගේ ඇඳුම් නොවන බවත් එම ඇඳුම් තම
පියා කිසි දිනෙක අඳින ඇඳුම් නොවන බවත්ය.
පසුව සියල්ලම නින්දට ගිය බවත් පසුදින පාන්දර පහට පමණ තමා හා මව අවදි වූ බවත් ඒ මොහොතේ
කුස්සියේ තිබූ ඇඳුම් කිසිවක් මෙන්ම පියා ගෙදරට ගෙන එන ලද බෑගයද නොතිබූ බවත් ඇය කීවාය. ඒත් ඒ
වන විට පියා කාමරයේ නිදා සිටි බවත් ඇය පවසා තිබේ.
මෙම ප්‍රකාශ නිසා පොලිසිය සැක කරන්නේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මහ රෑ අවදිව සිය ටී
ෂර්ටය ඇතුළු තවත් ඇඳුම් ගිනි තබා ඇගේ හිස ගෙනා බෑගය පුලුස්සා ඇති බවය.
ඒ අනුව පොලිසිය පවසන්නේ අදාළ උප පරීක්ෂකවරයා බඩල්කුඹුර සිය නිවෙසට එද්දී මධ්‍යම රාත්‍රියට
ආසන්න වූ බැවින් ඔහු හීන් සැරේ වත්තට ගොස් පෙම්වතියගේ හිස කෙසෙල් ගසක පාමුල තබා ගෙදර
ෙදාර විවර කරගෙන නිවෙසට ඇතුළු වී පසුව ගෙදර පිරිස නින්දට ගිය පසු මහ රෑ අවදිව පෙම්වතියගේ
හිස හා ඇඳුම් විනාශ කරන්නට ඇති බවට සැක කරන බවය.
කෙසෙල් ගස පාමුල ලේ බිඳු තිබීමට කිසිම හේතුවක් නැති බවත් එම රුධිරය නිශ්චිතවම මරා දැමූ
පෙම්වතියගේ හිසෙන් වැගිරුණු ඒවා දැයි දැන ගැනීමට එම රුධිරය ඇගේ රුධිර සාම්පල සමඟ සැසඳීමට
ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බවත් පොලිසිය කියයි.
කීර්ති මෙන්ඩිස්
0 Comments