2015 වසරේ සිදු වූ බැදුම්කර වෙන්දේසියේදී භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීම තුළින් රජයට විශාල පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සදහා පියවර රැසක් ගෙන තිබෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. 


ඒ අනුව මේ පිළිබද තුන් වන වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරිම් කළ බව නීතිපතිවරයා වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ පිළිබද නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ බ්‍රහස්පතින්දා කැදවා තිබුණි. නඩුවේ 10 විත්තිකරුවන් ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය  පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසය කරන බවට තොරුතුර ලැබී ඇති බැවින් ඔහුට අදාළ සිතාසිය මැලේසියාව් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා භාරදීමට මහාධිකරණ‍ය නියෝග කළා. මේ අතර බැදුම්කර සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක කිරිම පිළිබද විවිධ අදහස් පළ වනවා.