ඇඩ්‍රස් නෑ සිනමා පටයේ ගීතයක් ප්‍රතිනිෂ්පාදනය කිරීම හේතුවෙන් මතු වූ අර්බුදය  සමථයකට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ගීත නිර්මාණක කේන්ද්‍රය හෙවත් ඔස්කා සංවිධානයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා විශ්වාසය පළ කර තිබේ.


මෙය විසඳීම සඳහා සංවිධානයේ 10 දෙනෙකු සහිත ස්වාධීන කමිටුවක් පත්කර තිබූ අතර අවසන් වාර්තාව කමිටු සාමාජික සරත් ද අල්විස්  පිටු දෙකකින් ප්‍රකාශයට පත් කර තිබේ.
එහිදී ගීතය මංකොල්ලකෑමක් හෝ අනවසරයෙන් භාවිතා කිරීමක් හෝ සිදුව නොමැති බව ඔවුන් පවසන අතර
භාතිය හා සංතුෂ් ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට එහි අයිතිය වෙනුවෙන් මුදල් ගෙවා ගනුදෙනුව හමාර කර ඇති බවත් ගීතයේ අයිතිය සම්බන්ධ යාවත්කාල නොවූ තර්කයක් පදනම් කරගෙන සුනිල් ආරියරත්න හා රෝහණ වීරසිංහ මෙම වැරදි වැටහීම ඇති කරගෙන තිබූ බවත් එහි දැක්වේ.
මෙම යාවත්කාල නොවීම ආයතනගත වරදක් හා සමාජයේ නොදැනුවත්භාවය ලෙස සංවිධානය අර්ථ ගන්වා ඇත.
චිත්‍රපටයේ නිෂ්පාදකට චිත්‍රපට ගීතයේ සම්පූර්ණ අයිතිය හිමිව ඇති පසුබිමක ගීතයේ රචක හා සංගීතඥ තමන්ටද අයිතියැයි තර්ක කිරීමක් පදනම්ව මෙම මූල්‍ය ගැටලුව මතුවිය.
මෙම පැහැදිලි කිරීම් සහිත ලිපි පහතින්