පසුගියදා භාතිය සන්තුෂ් හා සුනිල් රෝහණ පැටලැවූ ඇඩ්රස් නෑ චිත්‍රපටයේ ගීතයේ අයිතිය සම්බන්ධ අවනඩුව අහවර වූ ලෙස ඔස්කා සංවිධානය මගින් ලිපියක් ප්‍රසිද්ධ කළ නමුත් ඒ සඳහා පිළිතුරු ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න මෙම චිත්‍රපටයේ නිෂ්පාදක ජනිත මාරසිංහ නමැත්තා මවා පෑ ව්‍යාජය නිසා බොහෝ අය නොමග යැවුණ බවත් බොරු 3 ක් සමාජ ගතවී ඇති බවත් පෙන්වා දෙයි. ඔහු මෙසේ කියයි.
ඇඩ්රස් නෑ නිෂ්පාදක ජනිත මාරසිංහ නැමැත්තා ජනමාධ්‍යවලට පුන පුනා කියා ඇත්තේ ඔහුට මේ ගීතය පිළිබඳ සියලු අයිතිවාසිකම් ඇති බවයි. ඒ බව ඔප්පු කිරීමට ලේඛන තමා සතුව ඇති බවයි. මෙය පට්ටපල් බොරුවකි. 'ඇඩ්රස් නෑ” චිත්‍රපටයහි ආ 'ඇඩ්රස් නෑ' ගීතයට සහ එහි ආ තවත් ගීත දෙකක පදමාලාවල ඔහු වසර 6ක් තිස්සේ තබදොයිතුවක්වත් ගෙවා නැත. ගීතයක අයිතිකරුවෝ දෙදෙනෙකි. ගීත රචකයා සහ තනු නිර්මාණකරුවාය. තනු නිර්මාණ කරුට සහ වාදක මණ්ඩලයට ගෙවූ විට පදමාලාවේ අයිතිය නිරායාසයෙන් ම මුදල් ගෙවූ තැනැත්තාට හිමිවන්නේ නැත.
චිත්‍රපටය අධ්යක්ෂ ජැක්සන් ඇන්තනිට මේ අවනඩුව පැවැසූ විට ඔහු කියා සිටියේ 'ඇඩ්රස් නෑ” චිත්‍රපටය කතාව, දෙබස, තිරනාටකය, රංගනය වෙනුවෙන් ඔහුටද මේ නිෂ්පාදකවරයා ගෙවා ඇත්තේ මුහුරත් උළෙලේදී දුන් මුදල පමණක් බවයි. චිත්‍රපටය රඟපෑ නළු නිළියන්ට ද මුහුණ දීමට සිදු වූයේ ඒ අවාසනාවත්ත ඉරණමට බවයි. අනුන්ගේ දේපොළ . 60,000 විකුණා ගලේ පහරු බළළෙකුගේ තත්ත්වයට පත්වූ පසු එහි ගීතවල මුදල් ගෙවන්නට ඔහු කිහිපවරක් මා හමුවීමට පැමිණියේය.
මා එම මුදල් බාර නොගත්තේ ඒ සඳහා අත්සන් තබන රිසිට්පත ඔහු ගණිකා වෘත්තියෙහි යොදවන බව මට සක්සුදක් සේ පැහැදිලී වූ බැවිනි. ගීතයේ සියලු අයිතිවාසිකම් තමා සතුව ඇතැයි භාතිය සන්තුෂ්ලාත් ඔස්කා සංවිධානයත් නොමඟ යැවු ජනිත මාරසිංහට අභියෝග කරන්නේ ඒම ගීත හා අයිතිවාසිකම් පවරා ගැනීම සම්බන්ධයෙන් ලේඛනයක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසය. ඇඩ්රස් නෑ ගීතය සම්බන්ධයෙන් භාතියලා පට්ටපල් බොරු දෙකක් පවසති. පළමුවැන්න,ජනිත මාරසිංහ ගීතයෙහි සම්පූර්ණ අයිතිවාසිකම් ඇති බවට ලේඛන ඉදිරිපපත් කළ බවයි. එසේ නම් එම ලේඛන අතර ගීත පදමලාවේ අයිතිය ජනිත්ට පැවරූ ලේඛනයක් තිබිය යුතුය.
ගීතයක පරම අයිතිය ගී තනු නිර්මාණකයාට මෙන්ම ගීත රචකයටත් අයිති බව නොදැන සිටිම තරම් ඔවුන් නොදරුවන් නොවේ. යූටියුබ් හි තරුණයා ගායනා කළේ මගේ වචනය. ඒ වචන ලිව්වේ ජනිත මාරසිංහ නොවේ.ගීත වෙළදාම පිළිබඳ හොඳින්ම දන්නා භාතිය සන්තුෂ් දෙපළ මේ බොරු කරන්නේ කාටද?
භාතියගේ දෙවැනි හා බොරුව නම් මෙම ප්‍රකාශයයි. සංගීතය වසටහනකටයි අපි මෙය යොදාගත්තේ . අපි ඒක වෙළද දැන්විමකට යොදා ගත්තේ නෑ."භාතියලා සිතන්නේ සංගීත රසිකයන් අතර සිටින්නේ අන්ධයන් කියායි. යුට්යුබ් හි 'ඇඩ්රස් නෑ" ගීතය ප්‍රචාරය වෙද්දි විනාඩි 3 ක් පුරා පසුබිමේ පෙන්වූ සිසිල් බීම බෝතලය මගේද? රෝහණ වීරසිංහගේ ද? ගීත ගැයුණේ එම සිසිල් බීම බෝතලය විකිණිම පිණිස නොවේනම් පුජාවක් පිණිස ද? මාත් රෝහණත් කුපිත වූයේ මේ වෙළඳ මගඩිය නිසා මිස වෙනත් තරුණයකු අලුත් සංගීත සංයෝජනයකට ඇඩ්රස් නැ ගීතය ගායනා කිරීම නිසා නොව්. අපගේ ගීත කොතෙක් නම් විවිධ නාලිකාවල විවිධ වැඩසටහන් සඳහා තරුණ තරුණියන් ගයනවා ඒ කිසිදු අවස්ථාවක අප ඔවුන්ට එරෙහිව හඬක් නගා තිබෙයිද? අපගේ නිර්මාණ සිසිල් බීම සමාගමට විකුණා තම මඩිය තර කරගෙන රටට බොරු කිරීම කෙතරම් අල්ජ්ජි ක්‍රියාවක් ද?
ඔස්කා බොරුව නම් ඉහත තී ජනිත මාරසිංහ ඇඩ්රස් නෑ ගීත සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලිපි ලේඛන හරි හැටි පරීක්ෂා කර නොබලා භාතිය සන්තුෂ් කිසිසෙත්ම ගීත හොරකමක් හෝ ගීත කොල්ලයක් සිදු කර නැහැ යි ප්‍රකාශයට පත් කිරීමය. දැන් භාතිය සන්තුෂ්ලා එම ප්‍රකාශය තොරම්බල් කරමින් සිටිති. ඔස්කා කොමිටියේ සිටි ගීත රචකයන්ටද සුනිල් ආරියරත්නගේ ගීත රචනාවේ අයිතිය භාතියලාට ඇත්දැයි අසන්නට අමතක විය. අපගේ බුද්ධිමය දේපල වෙළඳාමට යොදා ගැනීම ගැනද ඔස්කා සංවිධානයට වගක් නැත.
අපගේ අවනඩුව ඔස්කා සංවිධානයට දැන්වුයේ 2021 පෙබරවාරි 17 වැනිදාය. දෙසතියක් තිස්සේ මෙම ප්‍රශ්නයට මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඔඩුදුවන්නට ඉඩදී පුර්වොක්ත අයුත්ති සහගත තීන්දුව ගැනීමට ඔස්කා කමිටුව රැස්වන්නේ මාර්තු 01 වැනිදාය. අවුරුදු 20කට ආසන්න කාලයක් ඔස්කා සංවිධානයෙහි සමාජිකත්වය දැරූ මාත් රෝහණත් සම්බන්ධයෙන් ඔස්කා හැසිරෙන්නේ එලෙසනම් තවත් කවර කතාද? බුද්ධිමය දේපළ ආරක්ෂා කරදීම සඳහා පිහිටුවාගත් ආයතනයක් සොරුන්ට සහතික දී නිදොස් කොට නිදහස් කිරීම තරම් පහත් ක්‍රියාවක් තවත් ඇත්ද?
0 Comments