හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස සැලකෙන ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ බිරිඳ වූ විමලා
අමරදේව මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 87 වන වියේ පසුවූවාය.
 


හෘදයාබාධ තත්ත්වයකින් පෙළුණු ඇය අද සවස වැටීමකින් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර
එහිදී ඇය අභාවප්‍රාප්ත වූ බව ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ පුත් රංජන අමරදේව මහතා පැවසීය.

1934 වසරේ දෙසැම්බර් 05 වන දා උපත ලැබූ ඇය වෘත්තියෙන් නර්තන සහ ජන ගායනා ශිල්පිනියක
ලෙස කටයුතු කළාය.

1927 වසරේ උපත ලද ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මෙන් ම විමලා අමරදේව මහත්මියගේ ද උපන් දිනය
දෙසැම්බර් 05 වන දා යෙදී තිබීම විශේෂත්වයකි.

ඇය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සමග විවාහ වූයේ, 1963 වසරේදීය.