වසවිස සහිත පොල් තෙල් ආනයනයට අදාළව ප්‍රමිති ආයතනය තම වගකීම අත්හරිමින් කටයුතු කර ඇතැයි
ජවිපෙ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
ආණ්ඩුව තමා
වටේ සිටින චෞර වළල්ල පොල් තෙල් වෙනුවට වසවිස ගෙන්නුවද ඔවුන් ආරක්ෂා කිරීමට බැඳී සිටින අතර
හොඳම උදාහරණය අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිටින්නේ මහ පරිමාණ සීනි ගනුදෙනුව සිදුවන විට
සතොස සභාපති ධුරය දැරු නුෂාඩ් බවද ඔහු පෙන්වා දෙයි.
පොල් තෙල් පමණක් නොව ආණ්ඩුව වන විනාශය, සිගරට් බදු වංචාව, ඉල්මනයිට් ගනුදෙනුව, සහල් මිල ඇතුළු
ජනතා විරෝධී ක්‍රියා වේගවත්ව සිදු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (28දා)
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන ජවිපෙ යෝජනා භාරදීම සිදු කිරීමෙන් පසු මාධ්‍යයට
අදහස් දක්වමිනි.
අනුරාධා හේරත්
0 Comments