කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,022 හි තෝරා ගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් 'අපේ ගමේ අපේ කඩේ' නමින් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.ආරම්භයේදී මෙය කොළඹ කළුතර හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කෙරේ.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන අද (08දා) ආරම්භ කරන අතර මේ අනුව සෑම ගමකින්ම කාන්තා ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ සෘජු දායකත්වය ලබා ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම මූලික කොටගෙන ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටුදැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පවුල් 14,022ක ආර්ථිකයද ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
0 Comments