apeksha-hospital-nurse

විකිරණවේදය තුළ හෙදියන් දෙදෙනෙකු බලහත්කාරයෙන් සිර කර තැබීමේ චෝදනාව මත මහාරගම පොලිසිය අපෙක්ෂා රෝහලේ(පිළිකා ප්‍රතිකාර) විකිරණවේදියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් විකිරණවේදියෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන මහතා පැවසීය. පැයක කාලයක් විකිරණවේදය තුළ සිර කර ඇති බවට කාන්තා හෙදියන් පොලිසියට පැමිණිලි කළ බව ඔහු පැවසීය.



විකිරණවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම වසන් කිරීමට රෝහල් පාලනාධිකාරිය දැරූ උත්සාහයට මීට පෙර මහාරගම අපෙක්ෂා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දැඩි විරෝධය පළ කර තිබේ.විකිරණවේදී කාමරයේ හෙදියන් දෙදෙනා අගුලු දමා ඇති බවත් මාර්තු 17 වන දින විකිරණවේදීන් දෙදෙනා විසින් විදුලිය විසන්ධි කළ බවත් ඔවුහු චෝදනා කළහ.පසුව හෙදියන් දෙදෙනා දේර විවෘත කිරීමට උත්සාහයක් ගත්තද එය අසාර්තක විය. ජංගම දුරකථනට කාමරයේ signal නොමැති බව වාර්තා විය.රෝහලේ සුළු සේවකයෙකු දොර විවෘත කිරීමෙන් පසු හෙදියන් දෙදෙනාට පිටතට යාමට හැකි විය.පසුව හෙදියන් දෙදෙනා ඒකකයේ ප්‍රධානියාට සහ රෝහල් පරිපාලකයාට සිද්ධිය පිළිබඳව දැනුම් දුන්හ.



නමුත් හෙදියන් චෝදනා කළේ රෝහල් පරිපාලනය සිද්ධිය වසන් කිරීමට උත්සාහ කළ බවයි.විකිරණවේදී ද්‍රව්‍ය නිරාවරණය වීමෙන් පිළිකා, ජාන විකෘති හෝ බරපතල රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව හෙද කාර්ය මණ්ඩලය පෙන්වා දුන්නේය.සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස රෝහල් කාර්ය මණ්ඩලය මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

 (දර්ශනා සංජීවා බාලසූරිය)