ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ඇරඹීමටද මුල්වූ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් ආසාදනය වළක්වන එන්නත, අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර තිබෙයි.
ඉන්දියාව මෙසේ තීරණය කර ඇත්තේ එන්නත සම්බන්ධයෙන් පවතින ඉහළ ඉල්ලුමත් එම ඉල්ලුමට සරිලන ආකාරයට එන්නත් නිෂ්පාදනය කිරීම කළ නොහැකි තත්ත්වයක් උදා වීමයි.
මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගණන ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් අවුරුදු 45 ට වැඩි ඉන්දියානුවන් සැමට ද එන්නත් ලබා දීමට සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය තීරණය කර තිබෙන අතර වෙන රටවලට ප්‍රථම තම රටට ප්‍රමුඛතාව දෙන්නට තීරණය කර තිබේ.
ඉන්දියාව මේ වන විට රටවල් 76 කට එන්නත් මාත්‍රා මිලියන 60 කට වඩා අපනයනය කර ඇති අතර ඉන් බහුතරය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තොග ඇති බැවින් එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දීය රජය ගත් තීරණය දැඩි බලපෑමක් සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා මිලියනයක් මේ වන විට රජය සතුව ඇති බවයි.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරියේදී රුසියානු හා චීන එන්නත් කොළඹින් පිට අයට ලබාදීම සඳහා බෙදාහැරීම සිදුවනු ඇති බවයි.
නැවත ඇස්ට්රාෙසනාකා එන්නත් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත්තේ පුද්ගලික අංශයට මේවා ආනයනයට අවසර ලබාදීමෙන් පසු මුදල් ගෙවන පදනමින් ලබාගන්නා අයටය.
0 Comments