මහියංගණය සිට වවුනියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් මගී ජනතාව දැඩි අවදානමේ තබාගෙන ඉතා අනාරක්ෂිතව ධාවනය කරන දසුන් පෙළක් බස් රථයේ ගමන් කරමින් සිටි මගියකු තම ජංගම දුරකථනයෙන් පටිගත කොට මාධ්‍යවේදීන් වෙත ඊයේ (21දා) ලබා දී තිබිණි. 



බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස්රථ රියදුරා 21 දින පෙරවරුවේ මහියංගණය ඩිපෝවට අයත් මහියංගනය සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක ගමන් කිරීමට හෝ මගීන් ගැනීමට නොහැකි ආකාරයෙන් ප්‍රධාන මාර්ගයේඉතා අපරීක්ෂාකාරි ලෙස සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කරන අයුරු එහි දැක්වේ.මෙම පෞද්ගලික බස් රථ රියදුරා වෙනත් කිසිදු වාහනයකට තමන් ගමන් කරන මාර්ගයේ ඉස්සර කිරීමට ඉඩ ලබා නොදී ප්‍රධාන මාර්ගයේම ගමන් කරන පදිකයන්ට පවා දැඩි දූවිලි තත්වයන් නොතකා ඉතා අනාරක්ෂිතව ධාවනය කරනු ලබන අතර මගීන් බස්සවීම සහ මගින් ලබා ගැනීම පවා ප්‍රධාන මාර්ගය හරස් කොට සිදුකරන අයුරු අදාළ රූපරාමුවල සඳහන්ව තිබේ.එමෙන්ම මෙම බස් ධාවනය කරදී බකමූණ නගරයේදී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට රථයේ රියදුරාට පසුගිය 18 වන දින දැඩි ලෙස පහරදී තිබේ.


එම පහරදීම හේතුවෙන් මෙම රියදුරා පසුගිය 20 වැනිදා දක්වාම මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත සේවයට වාර්තා කොට 21 දින ගමන් කරන විටද මේ ආකාරයෙන් මාර්ගය හරස් කළ බව රියදුරු ඩබ්ලිව්.එම්. තුෂාර ප්‍රදීප් මහතා පැවසීය.බකමූණ නගර මධ්‍යයේදී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට පුද්ගලයන් පිරිසක් මෙම රියදුරාට පහර දෙන ආකාරයත් එමෙන්ම එම ස්ථානයේ ගැටුම සිදු වන ස්ථානයට පොලිස් කාන්තාවන් දෙදෙනකු පැමිණි තත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා ආකාරද මගියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කොට තිබිණි. එම රූපරාමු ද අප වෙත එම මගියා විසින් ලබාදී තිබිණි.මෙම පහරදිම හා සිදු කරන බලපෑම් ගැන බකමුණ පොලීසියේ පැමිණිලි රැසක් දමා ඇතත් නීතිය අතට ගන්නා පුද්ගලික බස් මැර කණ්ඩායම් ඔවුන්ගේ නීතියට අනෙකුත් බස් රථ රියදුරන්ට දඩුවම් කරන බව රියදුරෝ පවසති.ජනතාවගේ මගී ප්‍රවාහන අවශ්‍යතාවත් සේවාවක් ලෙස ඉටු කිරීමට වගකීම් පැවරෙන මෙම බස් රථ සේවාව පිළිබදව මගීන් දැඩි කනස්සල්ල පළ කරති.
(එස්. කරුණාරත්න)