වී තොගයක් සම්බන්ධව සහෝදරයන් දෙදෙනකු අතර පෙරේදා (8) වැනිදා රාත්‍රී ඇතිවූ ආරවුලකදී වැඩිමහල් සහෝදරයකගේ විසි හැවිරිදි පුතා පිහි පහරකින් මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.බෙලිඅත්ත තාරපේරිය නිසිළුව ප්‍රදේශයේ පදිංචි මද්දුම කන්කානම්ගේ සචින් රවීෂ යන 20 හැවිරිදි තරුණයකු මෙසේ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇති තරුණයාද ආරවුල පැවති ස්ථානයට පැමිණ සිටියදී එල්ල කෙරුණ පිහි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වන බවත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තාරපේරිය නිසිළුව ප්‍රදේශයේ
පදිංචි හතළිස් දෙහැවිරිදි ඥාතියෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. මියගිය තරුණයාගේ සිරුර බෙලිඅත්ත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ටිරාන් වරුසවිතාන මහතා විසින් සිදු කරනු ලැබීය.පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. අත්අඩංගුවටගත් සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
0 Comments