ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ 2021-23 කාල සීමාව සඳහා නිලධාරීන් පත්කර ගැනීම සඳහා වන නිලවරණයේනාම යෝජනා සඳහා විරෝධතා ලබා දීමේදී ෂම්මි සිල්වා පාර්ශ්වයේ උපසභාපති ධුරයකට හැර අනෙක් සියලුම ධුරවලට විරෝධතා ලබාදුන් බව ලේකම් ධුර අපේක්ෂක නිශාත්ත රණතුංග මහතා පුවත්පතට පවසීය. ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා සඳහා විරෝධතා භාරදීම පසුගියදා (05දා) පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා ඇති නිලවරණ කට්ටුව හමුවේ එම විරෝධතා භාරදී තිබුණි.
රණතුංග පාර්ශ්වය නාමයෝජනා සඳහා විරෝධතා ලබාදී නොමැති වනුයේ එස්.සී. ක්‍රීඩා සමාජයේ සාමාජික සමන්ත දොඩන්වල මහතාට පමණි. ඔහු ෂමිමි සිල්වා පාර්ශ්වයෙන් උපසභාපති ධුරයකට තරග කිරීමට නාම යෝ භාරදී තිබුණි. කෙසේ වෙතත් මේ සිල්වා පාර්ශ්වයෙන් රණතුංග පාර්ශ්වයට විරෝධතා ගොනු කර නොමැති බව නොනිල ආරංචි මාර්ග පවසා සිටියේය. විරෝධතා සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් නිලවරණ කටුව මාධ්‍ය වෙත යොමු කර නොතිබිණි. සභාපති, උපසභාපති ධුර 02ක්, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සඳහා මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතය.
මේ වතට්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරන ම් සිල්වා මහතා යළිත් සභාපති ධුරයට තරග කරන අතර, මෙම් සිල්වා පාර්ශ්වයෙන් උපසභාපති ධුරයන් සඳහා හිටපු සභාපතිවරයෙකු සහ වත්මන් උපසභාපති ජයන්ත ධර්මදාස සහ වත්මන් උපසභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් තර කිරීමට නියමිතය. එම පාර්ශ්වයේ ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම්වරයා වන මොහාන්ද සිල්වා මහතාද භාණ්ඩාගාරික ධුර සඳහා වත්මන් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාද තරග කිරීමට නියමිතය.
මේ සඳහා මේ වනවිට රණතුංග පාර්ශ්වයෙන් සභාපති තනතුරට හිටපු උපසභාපති කේ. මතිවානන් මහතාද ලේකම් ධුරයට හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතාද උපසභාපති තනතුර සඳහා ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාද ඉදිරිපත්වීමට නියමිතය. ඔවුන් තිදෙනා නම් කර ඇ ත්තේ 'බිග් 03' නමිනුයි.
පිළිගත් නාමයෝජනා සඳහා විරෝධතා ලබාදීමෙන් අනතුරුව විරෝධතා විභාගය මාර්තු මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වාද විරෝධතාවල ප්‍රතිපල නිවේදනය කිරීම මාර්තු මස 15 වැනිදාද නියෝජනයන් සඳහා වන ලිපි පිළිගැනීම අප්‍රේල් මස 09 වැනිදාද නිලවරණය සඳහා වන අවසන් නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් මස 20 වැනිදා සිදු කිරීමට නියමිතය. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 147ක් පවතින අතර නිලවරණයට සුදුසුකම් ලබා ඇත්තේ ඡන්ද 142ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021/23 කාල සීමාව සඳහා නිලධාරී මණ්ඩලය තෝරා පත් කරන්නා විශේෂ මහා සභාව සහ නිලවරණය මෙම වසරේ මැයි 20දා උදෑසන 10.30 සිට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. විශ්‍රාමික විනිසුරු මාලිනී ගුණරත්න ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ සභාපතිත්වය දරන අතර, විශ්‍රාමි විනිසුරු ශිරෝමි පෙරේරා සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක සෙසු සාමාජීකයෝ වෙති.
-පැතුම් ශ්‍රී විජේරත්න-
0 Comments