ගමක ඉපදී වෙල් ඉපනැල්ලේ දුව පැන පරිසරයත් සමඟම හැදී වැඩී පරිසරයට ආදරය කිරීමට උගත් තමාට
අන්තර්ජාලයෙන් පරිසරය දකින පිරිස් අමුතුවෙන් පරිසරයට ආදරය කරන අයුරු කියා දීමට අවශ්‍ය නැතැයි
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.



පරිසරයට ආදරය කරන්න යැයි පවසන නායකයන් ඒ කාලයේ කෙතරම් පරිසරයට ආදරය කළා දැයි දුටු
බවත් ඔවුන් කැලේ රිංගුවේ පරිසරයට ආදරය  කිරීමට නොව නිදන් ටික කඩා ගැනීමට බව හෙතෙම පවසයි.
ඔවුන් කැලේට රිංගා කළේ කුමක් දැයි තමන් දුටු නිසා පරිසරයට ආදරය කරන අයුරු එක එක්කෙනා කියා
දීමට අවැසි නැතැයිද හෙතෙම අවධාරණය කරයි.

සමාජ ජාලා හා අන්තර්ජාලය මඟින් පරිසරය දකින පිරිස් පරිසරයට ආදරය කරන අයුරු කියා දීම මේ
දිනවල අලුත්ම කතාව බවද හෙතෙම පවසයි. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
අනුරාධ ජයරත්නගේ ආරාධනයෙන් ගම්පොළදී ඊයේ (21දා) ජල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා
මුල් ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.


සවනි ශේශාධි