බණ්ඩාරගම රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියකු කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් ඊයේ
(17දා) එම බැංකුව තාවකාලිකව වසා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මේ පිළිබඳ ගනුදෙනුකරුවන් හට දැනුම්දීමක් කළමනාකරු විසින් බැංකුවේ ප්‍රධාන ෙදාරටුවේ ප්‍රසිද්ධ
කර තිබිණි.
එම ආරක්ෂක නිලධාරියා කළුතර ප්‍රදේශයේදී පී.සී.ආර්. පරීක්ෂණයට භාජන වීමෙන් අනතුරුව පෙරේදා
(16දා) ඔහු ආසාදිතයකු බවට අනාවරණය වී තිබූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ශ්රීමලි අමරසිංහ මහත්මිය පැවසුවාය.
ඒ හේතුවෙන් ඔහුගේ පළමු පෙළ ආශි‍්‍රතයන් වන කළමනාකරු ඇතුළු නිලධාරීන් 15 දෙනකුට ආසන්න
ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට උපදෙස් ලබාදුන් බව ඒ මහත්මිය පැවසුවාය.
එලෙස නිරෝධායනයට ලක්වන බැංකු නිලධාරීන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලවලට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව ඇය වැඩිදුරටත්
පැවසුවාය.
කොළඹ _ ජයසිංහ
0 Comments