රුධිරය කැට් ගැසී, මරණ සිදුවන බවට බියක් හටගෙන ඇති බැවින්,'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත වෙනුවට, රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් 5' එන්නත ලබා ගැනීමකෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇත.යුරෝපා සංගමයට රටවල් 28 ක් ඇතුළත් වන අතර, යුරෝපා සංගමය පිහිටුවීමේ අරමුණක් වන්නේ රුසියාවෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දී ඒවා ජය ගැනීමටය.  එහෙයින් 'කොවිච් 19' වයිරසය ආසාදනය වීම වැළැක්වීමට රුසියානු ගැමලෙයා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ස්පුට්නික් 5  එන්නත කෙරෙහි යුරෝපා සංගමයේ වැඩි අවධානය යොමු වීම ප්‍රමාද විය. යුරෝපා සංගමයේ ඇතැම් රටවල් සහ රුසියාව අතර පවතින මත ගැටුම් ද ඊට හේතුවක් විය. කෙසේ නමුත් මේ වනවිට, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා'එන්නතට වඩා 'ස්පුට්නික් 5'එන්නත සාර්ථක බවත් ආරක්ෂිත බවත් යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් රැසක් තීරණය කර තිබේ.

ඒ අනුව,'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතට අනුමැතිය දීම කෙරෙහි සහ යුරෝපා සංගමයට අයත් ඖෂධ පාලන අධිකාරියේ අවධානය යොමු වී ඇත.මේ අතර, යුරෝපා සංගමයේ සහ යුරෝපා සංගමයට අයත් ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය නොමැතිව, යුරෝපා සංගමයට අයත් හංගේරියාව සිය අභිමතය පරිදි 'ස්පුට්නික් 5'එන්නත එරට වැසියන්ට ලබා දීම සිදු කරයි. හංගේරියාව 'කොවිච් 19' වයිරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් රාජ්‍යයකි.

රටවල් රැසක් මේ වනවිටත්, 'ස්පුට්නික් 5'එන්නතට අනුමැතිය දී, එන්නත එරට වැසියන්ට ලබා දෙයි.

ඇල්ජීරියාව, ආජන්ටිනාව, බෙලරූස්, බොලිවියාව,බොස්නියා සහ හර්සෙගොවිනා, බ්‍රසීලය, චීනය, ඊජිප්තුව,හොන්ඩුරාස්, හංගේරියාව, ඉන්දියාව, ඉරානය සහ ඉතාලිය එම රටවල් අතර සිටී.යුරෝපා සංගමයේ අනුමැතිය ලැබෙන්නේ නම්, එලැඹෙන ජූනි මාසයේ සිට, යුරෝපා රටවල මිලියන 50කට කඩිනමින් එන්නත් ලබා දීමට හැකි බව රුසියාවේ සෘජු ආයෝජන අරමුදල පවසයි. ගැමලෙයා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ 'ස්පුට්නික් 5' එන්නත විකිණීම සිදු කරන්නේ රුසියාවේ සෘජු ආයෝජන අරමුදල ය. ගැමලෙයා යනු රුසියානු රජයේත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේත් ක්‍රියාත්මක වන ආයතනයකි. 'ස්පුට්නික් 5' යන නමින් ලොවට හඳුන්වා දුන් මෙම එන්නතේ නිල නාමය වන්නේ ගැම්-කොවිඩ්-වැක් ය..ඉතාලිය, 'ස්පුට්නික් 5' එන්නත එරට නිෂ්පාදනය සඳහා සූදානම් වෙයි. ඒ, ඉතාලියේ 'ඇඩිනේ' නමැති ඖෂධ නිෂ්පාදන සමාගම හරහාය. 'ස්පුට්නික් 5' එන්නත් ඉතාලියේ නිෂ්පාදනය සිදුවනු ඇත්තේ එලැඹෙන ජූලි මාසයේ සිටය. ඒ, ඉතාලි සහ රුසියා ආයෝජන මණ්ඩල එක් වී ඇතිකරගත් එකගතාවකට අනුවය.